ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ කීය.

නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස අන්තවාදී මුස්ලිම් සංවිධානයක් සිදු කළ ප්‍රහාරයක්.
තව්හිඩ් ජමාඩ් සංවිධානය හා ජේඑම්අයි
සංවිධානය අතර සම්බන්ධයක් තිබෙන බව සොයාගෙන ඇත.
ආරක්ෂක ව්‍යුහයේ දුර්වලතා තිසා සිදුවූ බව කනගාටුවෙන් දැන්විය යුතුයි. බුද්ධි අංශ මේ ගැන දැනුවත් වුවත් නිලධාරීන් කිහිප දෙනෙකු අතර පමණයි තොරතුරු හුවමාරුවී ඇත්තේ. මෙය ආරක්ෂක රාජ්‍ය ඇමති වන මට හා අගමැතිට දැනුවත් වූයේ නැත. එසේම ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් මෙම බුද්ධි තොරතුරු ලැබී නැත.
ජනපති තුමා විදේශ සංචාරයක සිටියදී මේ තොරතුරු අගමැතිට හෝ මට ප්‍රකාශ නොකළේ මන්දැයි ගැටලුවකි. මට හෝ අගමැතිට ආරක්ෂක මණ්ඩල රැස්වීම වලටද පසුගිය කාලයේ ආරාධනා ලැබුනේ නැත.
මේ ගැන පරීක්ෂණයක් පවත්වන්නත් ජනපති දැනුම් දුන්නා.