https://www.gossiplankanews.com/2019/04/7-suicide-bombers.html
ඊයේ ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකදී සිදුවූ බෝම්බ ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බ කරුවන් 7 ක්
සම්බන්ධ වූ බවට තොරතුරු ඇතැයිද ඔවුන් ප්‍රහාර 6 ක් සිදු කර ඇතැයිද ආරක්ෂක අංශ විශ්ලේෂකයෙකු උපුටා දක්වමින් ඒපී පුවත් සේවය වාර්තා කර තිබේ.
කටාන කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ පිපිරීම  සදහා පැමිණියේයැයි සැක කෙරෙන
මරාගෙන මැරෙන බෝම්බකරු දෙව් මැදුර භූමියේ සිටි

ප්‍රදේශවාසියෙකුගේ ඇස ගැටී ඇති බවට මාධ්‍යවාර්තා පළ විය.
අදාළ සැකකරු දේවස්ථානය ප්‍රවිශ්ට වන ආකාරය එහි ආරක්ෂක කැමරාවක සටහන්ව තිබූ බවත්
මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව සිටි සැකකරුගේ යැයි සැලකෙන හිස දෙව් මැදුර අභ්‍යන්තරයේ තිබී හමුවූ බවත් ඊයේ දේශිය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.