ඊයේ සිදුවූ ප්‍රහාරය වැනි මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඉදිරියේ සිදුවන්නට නියමිත බවට බුද්ධි අංශ මීට ටික දිනකට පෙර වාර්තා කර තිබූ කතාව සත්‍ය බවත් එම තොරතුරු මත ආරක්ෂක ප්‍රධානීන් ආරක්ෂක ඇමති
ජනපති මෛත්‍රිපාල සිරිසේනට පූර්ව දැනුවත්කිරීම් සිදු කළද  ඒ ගැන පියවර ගෙන නැති බවත් අවදානම් තත්වය ගැන අගමැති
දැනුවත් නොකළ බවත් ඇමති රාජිත සේනාරත්න අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා දැනුම් දුන්නේය.
 ඔක්තෝබර් මාසයේ ඇතිවූ දේශපාලන අවුලෙන් පසු ආරක්ෂක මණ්ඩල රැස්වීමට අගමැතිට  ආරාධනා නොකළ බවත් මෙම දේශපාලන ගැටලුව මත ආරක්ෂාව අන්තරායට ලක්වූ බවත් ඔහු චෝදනා කළේය.
රාජිත සේනාරත්න ඇමතිවරයා මෙම චෝදනාව අද සිදු කළේ ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේය.
මෙම වාර්තාව අල්ජසීරා, චැනල් නිවුස් ඒසියා වැනි නාලිකා සජීවීව ලෝකය වෙත ගෙන ගිය අතර බීබීසී ලෝක සේවය සිය ප්‍රධාන ප්‍රවෘත්ති හරහා ඉදිරිපත් කර තිබුණි.