ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හොටෙල් සමාගමක් වන ජෙට්වින්ග් හෝටල්
සමූහයේ සභාපති හිරාන් කුරේ මහතා අද

බීබීසී රූපවහිනී නාලිකාව අමතා ප්‍රකාශ කර ඇත්තේ මේ දිනවල ඇතිවූ සිද්ධිදාමය නිසා සිය ව්‍යාපාර ඇද වැටී ඇති බවයි.
ප්‍රහාර සිදුවූ හෝටල පමණක් නොව තමන්ගේ හෝටලවලද ව්‍යාපාරික තත්වය අයහපත් බව පෙන්වා දෙන ඔහු සිද්ධිය වන අවස්තාව වනවිට විදෙස් ජාතිකයින් රැසක් වෙන් කරගෙන තිබුණ කාමර ඇතුලු අනෙකුත් පැකේජ සියල්ලම පාහේ මේ වනවිට අවලංගු කර ගෙන ඇති බවත් අත්තිකාරම් මුදල් ගෙවූ අයට එම මුදල් නැවත ගෙවීමට තමන්ට සිදුවූ බවත්ය.

ශ්‍රී ලංකාව වැනි සංචාරක කර්මාන්තය මත යැපෙන රටකට ආර්ථික වශයෙන් මෙය ඉදිරියේ ඉතාම අහිතකර බලපෑම් ඇති කරනු ඇති බවද ඔහු පවසා සිටියේය.