කොළඹ පිටකොටුව – බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. කසල බැහැර කරන බෑගයක සහ ඒ අසළ තිබී ඩෙටනේටර් 87ක්
මෙලෙස සොයාගෙන ඇත.

මුලින්ම බස්නවතුම්පොලෙහි බිම වැටී තිබූ ඩෙටනේන්ටර් 12 ක් පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් අද දින පස්වරු 01.00 ට පමණ සොයා ගත් බවත් වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එම ප්‍රදේශයේ කසළ ඉවත් කර තිබූ ස්ථානයේ තිබී තවත් ඩෙටන්ටර් 75 ක් සොයා ගත් බවත් වාර්තා විය.
.මෙය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පරීක්ෂා කර අපරාධ ස්ථාන පරීක්ෂණ භාර නිලධාරීන් (SOCO) භාරයට ගෙන ඇත.
සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.