බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව
ප්‍රදේශයේ පිහිටි කිතුනු
දේවස්ථාන හා තරු පන්තියේ හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට අපොහොසත් වීම තුළින් රජය මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට තීන්දු කරන ලෙසත් , මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි ගෙවන ලෙස ජනාධිපති , අගමැති , හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අද( 29) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.