පවතින හදීසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් යුද හමුදාව විසින් රටපුරා පරික්ෂණ මෙහෙයුමක් ආරම්භ කර
ඇති බව 
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගෙඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය. ප්‍රහාරයට සම්බන්ධව තොරතුරු ලැබෙන සියලු ස්ථාන සහ පාර්ශ්වයන් පරික්ෂා කිරීමට, සැක සහිත භාණ්ඩ හෝ ද්‍රව්‍ය පවරා ගැනීමට සහ පුද්ගලයන් අන්තඅඩංගුවට ගැනීමට මේ අනුව යුද හමුදාවට බලය පැවරි තිබේ.

එසේම යුද හමුදාව විසින් මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් තවදුරටත් වැඩි කර ඇති අතර රට පුරා ආරක්ෂාව තහවුරු වනතුරු අවශ්‍ය වුවහොත් ගෙයින් ගෙට ගොස් පවා පරික්ෂා කිරීමට සුදානම් බව වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.