දිවයින පුරා පිහිටි පෞද්ගලික කතෝලික පාසල් සඳහා ලබන සඳුදා (29) දක්වා නිවාඩු ලබාදෙන බව කතෝලික පාඨශාලා සාමාන්‍යාධිකාරී
අයිවන්
පෙරේරා පියතුමා පැවසීය.
රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීට තීරණය කළ බව අයිවන් පෙරේරා පියතුමා සඳහන් කළේය.
රජයේ පාසල් සඳහා ද අද (22) සහ හෙට (23) දිනයන්හි නිවාඩු ලබාදී ඇති අතර නිවාඩුව තව දුරටත් දිගු කළ යුතු ද යන්න ගැන හෙට (23) දිනයේදී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.