ඊයේ සිදුවූ බෝම්බ ප්‍රහාර වලින් පසු කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය නැවත දැනුම් දෙනතුරු වසා දමන බව එහි කළමනාකාරීත්වය දැනුම් දී තිබේ.

 කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට අයත් ෆේස්බුක් පිටුව ඔස්සේ මෙම නිවේදනය නිකුත් කර තිබේ.
We have decided that the hotel will be closed until further notice - Shangri-La hotel Colombo
ඔවුන් දන්වා ඇත.
ඊයේ සිද්ධියෙන් පසු එහි නවාතැන්ගෙන සිටි සියලුම අමුත්තන් ඉන් ඉවත්වූ බවත් කාමර වෙන්කිරීම් රැසක් අවලංගුව ගිය බවත් වාර්තාවන අතර මේ නිසා ටික කලකට ඔවුන් සිය හෝටල් කටයුතු නවතා දමා තිබේ.
හෝටලයේ ඊයේ පිපුරුම් දෙකක් සිදුවූ අතර උදෑසන ආහාර ලබාගන්නා අවන්හලේ මෙම පිපිරුම් ඇති විය.