රට පුරා සෑම ප්‍රදේශයකම පුපුරන ද්‍රව්‍ය පරික්ෂාව සඳහා විශේෂඥ පුහුණුව ලැබූ පොලිස් නිල සුනඛයන් 85 දෙනෙකු රාජකාරි සදහා පොලිස් නීල සුනඛ කොට්ඨාසය මගින් යොදවා ඇති බව වාර්තා වේ. කොළඹ,
මහනුවර ප්‍රධාන නගර සදහා
මින් සුනඛයන් 25 දෙනෙකු යොදවා තිබේ. මෙයට අමතරව පොලිස් කොට්ඨාස මට්ටමින් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සදහා නිල සුනඛයන් යොදවනු ලැබ ඇති බව එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලාල් සෙනවිරත්න මහතා පැවසීය.

යුරෝපීය රටවලින් ගෙන එන ලද ඉතා ඉහළ මට්ටමේ සුනඛයන්ට මෙරටදී මෙන්ම විදෙස් රටවලදී පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පුහුණුව ලබා දෙමින් මෙලෙස පොලිස් නිල සුනඛ රාජකාරි සදහා යොදවා ඇත. ඕනෑම සැක සගීත පුද්ගලයෙකු, පාසලයක්, ගොඩනැගිල්ලක් ඉතා සාර්ථකව පරික්ෂා කිරීමේ හැකියාව මෙම සුනඛයන් සතුය. මීට අමතරව පුපුරන ද්‍රව්‍ය පරික්ෂාව පිළිබද තවත් සුනඛයන් 15 දෙනෙකු සදහා විශේෂ පුහුණු ලබා දීම මේ වන විට ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනවිරත්න මහතා පැවසීය.

-ඉන්දික පොල්කොටුව