https://www.gossiplankanews.com/2019/04/11-6-2-359-people-dies-sri-lanka.html#more
ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර වලින් මියගිය ගණන අද (25) වන විට 359 ක් වන අතර ඒ අය රටවල් අනුව පෙළ ගැස්වූ සටහනක් පහත වෙයි.
ඒ අනුව ශ්‍රී ලාංකිකයින් 318 ක් මෙහිදී මිය ගොස් තිබෙන අතර
ඉතිරි 41 දෙනා

විදේශිකයින්ය.
විදේශිකයින් අතර වැඩිම පිරිස ඉන්දියාවෙන් 11 වන අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් 6 නෙදර්ලන්ත හා ඩෙන්මාර්ක ජාතිකයින් 3 ක් බැගිනි.
ඕස්ට්‍රේලියාව,සවුදි අරාබිය,ස්පාඤ්ඤය,ස්විට්සර්ලන්තය,තුර්කිය හා ඇමරිකාවෙන් 2 නෙකු බැගින් මියගොස් ඇත. මේ අතර ඇමරිකා-බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසිභාවය ඇති 2 නෙකුද මියගොස් ඇත.
බංග්ලාදේශය,චීනය,ජපානය හාපෘතුගාලයේ එක් අයෙකු බැගින් මියගොස් ඇත.
තුවාල ලැබූ විදේශිකයින් තවත් සිටින අතර ඒ ගැන තොරතුරු මීට ඇතුලත් නැත.