මෙරට බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබූ අන්තවාදී සාමාජිකයින් ඉන්දියාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය, ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාවේ
සිය නිරික්ෂණ මෙහෙයුම්  වැඩි කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඕනෑම මොහොතක ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට ගුවන් නිරීක්ෂණ පහසුකම් සැපයීමට සහ අවශ්‍ය යාත්‍රා පහසුකම් සැපයීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සුදානම් බවද දැනුම් දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවද මෙරට මුහුදු සීමාවේ මෙහෙයුම් වැඩි කර තිබෙන බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරිය බණ්ඩාර ප්‍රකාශ කළේය. පැය 24 පුරාම සිය නිරීක්ෂණ කටයුතු සිදුකරන බවත් මුහුදේ තිබෙන සැකකටයුතු යාත්‍රා පරික්ෂා කිරීම ආදිය දිගින් දිගටම සිදුකරන බවත් ඔහු පැවසීය.