https://www.gossiplankanews.com/2019/04/face-cover-ban-sri-lanka.html

29 සදුදා සිට බලපැවැත්වෙන පරිදි ජනතාවගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට බාධාවන සියලුම ආකාරයේ මුහුනු ආවරණය කිරීම් ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරෙන බවට ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.
ජනපතිට ඇති හදිසි අවස්තා බලතල ක්‍රියාත්මක කරමින්
මෙම තීරණය ඉක්මනින් ගත් බව දන්වා ඇත.
කෙනෙකුගේ අනන්‍යතාව හඳුනාගැනිමේ මූලික නිර්ණායකය වන මුහුණ ආවරණය කිරීම පවතින ආරක්ෂක තත්වය හමුවේ ගැටලු මතු කර ඇති නිසා මෙම තීරණයට එළැඹි බව දන්වා ඇත.
ඒ අනුව විවාදයට තුඩු දුන් නිකාබය හා බුර්කාව යන මුස්ලිම් ඇඳුම් තහනම් වනු ඇත.


මුහුණ ආවරණය වන මුස්ලිම් කාන්තා ඇඳුම භාවිතයෙන් කලෙක සිට ලංකාවේ විවිධ අකටයුතුකම් සිදු කිරීමට අවස්ථාව සලසාගෙන තිබුණි.

මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසෙන පරිදි දමාගෙන යන නිකාබය (සම්පූර්ණ මුහුණ ආවරණය කරන කොටස) නිවසින් එළියට යද්දි ඉවත් කර යන්නට අවසර දුන් බව සමස්ත ලංකා ජමෙයියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය ලේකම් අශ්ෂේක් ෆසිල් ෆාරුක් මහතාද අද ප‍්‍රකාශ කර තිබුනි.

මුස්ලිම් කාන්තාවන් අදින කළු පැහැති ඇදුම වෙනුවට වෙනත් වර්ණවලින් මැසූ ඇදුම් අදින්නැයිද  ඉස්ලාම් කාන්තාවන්ගෙන් ඔවුන් ඉල්ලා තිබේ.
මීට අමතරව මුස්ලිම් මැතිඇමතිවරුන් හා වගකිවයුත්තන් රැසක්ම පසුගිය දිනවල මෙම ඇඳුම වෙනස් කිරීම ලංකාවේ මුස්ලිම් ජනතවට ගැටලුවක් නැති බව දන්වා තිබුණ අතරම සැමියාගෙ බලකිරීම මත මුහුණ ආවරණය කරන්නට සිදුවේ නම් ඒ වෙනුවෙන් නීතිය හමුවට යාමට මුස්ලිම් කාන්තාවන්ට අවස්ථාව ඇති බවද පෙන්වා දී තිබුණි.
මෙ වන විට යුරෝපයේ රටවල් ගණනාවක මෙම ඇඳුම සම්පූර්ණයෙන් හා අර්ධ ලෙස වාරණය කර ඇත.