https://www.gossiplankanews.com/2019/04/kalmune-fight.html#more
9 am update
අම්පාර සමන්තුරෙයි ප්‍රදේශයේ හා  සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය නිසා 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව අද උදෑසන වනවිට වාර්තා විය.
ඊයේ  කල්මුණ පොලිස් ස්ථානයට අනුයුක්ත රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට මුලින්ම සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් සිටින බවට තොරතුරක් ලැබී තිබේ.
එම තොරතුර ඔහු තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දැනුම් දී ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්
කණ්ඩායමක් එම නිවස පරීක්ෂා කිරීමට ඒ ආසන්නයට යනවාත් සමඟ එම නිවස දෙසින් පොලිසියට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති අතරම එම නිවස තුළ පිපිරීම්ද සිදුවී ඇත. නිවසේ සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් එම පිපිරීම් සිදුකර ඇත.
ගැටුම් වලින් ආරක්ෂක නිලධාරීන් කිසිවෙකුට හානි සිදුව නැත.

ඉන් අනතුරුව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදාව එම ප්‍රදේශය පරීක්ෂා කිරීම ආරම්භ කළ අතර පිපිරීම් සිදුකරන ලද නිවසද පරීක්ෂාවට ලක් කර ඇත. නිවස තුල තිබී මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට සැකකරන පිරිමි පුද්ගලයින් තිදෙනෙකුගේ මෘත ශරීරත්, ඊට අමතරව තවත් කාන්තාවන් තිදෙනෙකුගේ මෘත

ශරීර සහ කුඩා දරුවන් 06 දෙනෙකුගේ මෘත ශරීරත් නිවස ආසන්නයේ නිවසෙන් පිටත තිබූ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ බවට සැකකරන තවත් පුද්ගලයින් තිදෙනෙකු මෘත ශරීර ඇතුළු මෘත ශරීර 15ක් සොයා ගෙන ඇත.

ආරක්ෂක අංශ එම නිවස තුළට යන විටත් බරපතල තත්වයෙන් තුවාල ලබා සිටි කාන්තාවක් සහ කුඩා දරුවෙකු රෝහල වෙත යැවීමට පොලිසිය ක්‍රියා කරන ලදී. සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙහි පිහිටා තිබුනේ තව්හිද් ජමාත් ත්‍රස්‌ත සංවිධානයට අයත් ප්‍රධාන පෙළේ අවි ගබඩා දෙකක්‌ විය හැකි බවට සැක කෙරේ.
තව්හිද් ජමාත් ත්‍රස්‌ත කල්ලියේ සාමාජිකයින් තිදෙනා බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකරගත් බව සැකකරන අතර අනෙක් ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ආරක්‍ෂක අංශ සමග පැයකට ආසන්න කාලයක්‌ වෙඩි ප්‍රහාර එල්ල කරමින් කළ සටන් නිසා අනෙක් අය මියගියහ.
සයින්දමර්දු ප්‍රදේශය හමුදාව විසින් වට කරගෙන එම ත්‍රස්‌ත කල්ලියට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ඊයේ රාත්‍රි වනතුරුම එම සටන සිදුවිය.

අවි ගබඩාවේ තිබී දැවැන්ත ප්‍රහාර ගණනාවක්‌ සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, ජෙලග්නයිට්‌, නයිට්‍රජන් ගැලුම් විශාල ප්‍රමාණයක්‌, ලක්‌ෂයකට ආසන්න යකඩ බෝල තොගයක්‌, ඩෙටනේටර්, මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටල, ඩ්‍රෝන හා අවි ආයුධ විශාල ප්‍රමාණයක්‌ සොයාගැනීමට හැකිවිය.
එම අවි ගබඩාව පවත්වාගෙන ගිය ස්‌ථානයේ තිබී තව්හිද් ජමාත් කල්ලියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිවසේ කොටසක්‌ කුලී පදනම මත ලබාගෙන සිටි ත්‍රස්‌ත කල්ලියේ සාමාජික පිරිසක්‌ අවි ගබඩාව පවත්වාගෙන ගොස්‌ ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.
පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙම නිවසේ කොටස කුලියට ලබාගෙන සිටි පිරිස අතුරුදන් වී ඇති බවට විමර්ශන වලින් හෙළිවිය.
 ------
11.15pm
අද (26) සන්ධ්‍යා කාලයේ ඇතිවූ කලබලකාරී තත්වයන් මත කල්මුණේ / සමන්තුරේ/චවලකඩේ ප්‍රදේශ මේ වනවිට නිහඩ තත්වයක් පෙන්නුම් කරන බව වාර්තාවේ. විස්තර හා ඡායාරූප - Click HERE

9.00pm
 කලබලකාරී තත්වයන් මතුවූ කල්මුණේ / සමන්තුරේ/චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදී නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
---------
 8.20pm
ල්මුණේ, සායින්ද මර්දූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදු ව තිබේ.එම ස්ථානයේ ත්‍රස්තවාදීන් 3ත් 6ත් අතර පිරිසක් සිටිය හැකි බවට විශ්වාස කරන බවට වාර්තාවී ඇත.
යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු
ආරක්ෂක අංශ

මෙම මෙහෙයුම යෙදී සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් බවට සැක කෙරෙන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම සිදුවූ බවයි.මෙම ස්ථානයේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සකසන්නට ඇති බවට සාධකද හමුව ඇත.
සයින්දමාරු ප්‍රදේශයේදී සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගෙන ඇතැයි ද වාර්තා වෙනවා.
එම ප්‍රදේශයේ සැකසහිත වෑන් රථයක් පිළිබඳව පොලිස් බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව පරීක්ෂා කරන්නට පෙර මෙය සිදු කරගෙන ඇත.

ජීවිත හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා නොවෙයි.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුව සිදුකරන ලද මෙම මෙහෙයුමේදී සමන්තුරය ප්‍රදේශයේදී නිවසක් තුළ තිබී සැකකටයුතු දේපල රැසක් සොයා ගෙන ඇති බව පොලිසිය දැනුම් දෙන ලදි.
පසුගිය දින සිදුවූ බෝම්බ ප්‍රහාරවල මරාගෙන මැරෙන බෝම්බකරුවන් යැයි සැකකරන පිරිසක් නිකුත් කළ බවට සැකකරන වීඩියෝ දර්ශනයේ දක්නට ලැබෙන එම පුද්ගලයන් ඇඳ සිටින ඇඳුම් වලට සමාන ඇඳුම් කට්ටලයකුත්,
එමෙන්ම එම වීඩියෝ දර්ශනයේ පිටුපස තිරය බවට සැකකරන තිරයකුත්, ජෙලයිට් කූරු 150කට අධික ප්‍රමාණයකුත්, කුඩා යකඩ බෝල ලක්ෂයක් පමණ ප්‍රමාණයක්, සැකකටයුතු වෑන් රථයක්, ඩෝන කැමරාවක්, ලැප්ටොප් පරිඝණක 01ක් ඇතුළු දේපල රැසක් සොයා ගෙන ඇති බව පොලිසිය දන්වයි.