අද (26) සන්ධ්‍යා කාලයේ ඇතිවූ කලබලකාරී තත්වයන් මත කල්මුණේ / සමන්තුරේ/චවලකඩේ ප්‍රදේශ මේ වනවිට නිහඩ තත්වයක් පෙන්නුම් කරන බව වාර්තාවේ.

ප්‍රහාර වලදී කීදෙනෙකුට තුවාල සිදුවීද ජීවිත අනතුරු සිදුවිනිද යන්න පොලිසිය හෙලි කර නැත.
පොලිස් හා හමුදා රැකවල් මැද ඇඳිරි නීති තත්වය මත ප්‍රදේශය ජන ශුන්‍ය වී ඇත.
කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා දර්ශන මාධ්‍ය වෙත නිකුත්ව ඇති මුත් ඒ අය ත්‍රස්තවාදීන්ද වෙනත් අයද යන්න තවම හෙළිව නැත.
සමන්තුරේ අයිඑස් කොඩිය හමුවූ නිවස පසුගියදා ප්‍රහාර සඳහා ඹූලස්ථානයක් ලෙස ක්‍රියාකරන්නට ඇති බවට විශ්වාස කෙරේ.
මෙම ප්‍රදේශ තුනට අවසන් වන වේලාව නියමයක් නැතිව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර තවත් මෙහෙයුම් සිදුවනු ඇති බවට විශ්වාස කෙරේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය