ගාල්ල, පෝද්දල ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන
තිබේ.
පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් අන්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධ බවට සැක කරන බවයි. ඔවුන් සතුව තිබි කඩුවක් ද සොයාගෙන ඇත. අද උදෑසන පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා සාමාජිකයින් එක් ව මෙම මෙහෙයුම දියත් කර තිබේ.