මෙම ප්‍රහාරය ජාතික තවිහිත් ජමාත් කල්ලිය විසින් එල්ල කරනු ලබන බව පමණක් නොව එහි නායකයාගේ
සහ සෙසු ප්‍රහාරකයන්ගේ නම් ගම්,

ඔවුන් සැඟවී සිටින ස්ථාන, ඔවුන්ගේ පසුබිම සහ දුරකථන අංක පවා එම වාර්තාවට ඇතුළත් කර තිබුණු බවද NDTV පුවත්  සේවය පවසයි.

බෝම්බකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ දේවස්ථාන සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය බවද පිටු තුනකින් යුත් මෙම වාර්තාවේ සඳහන් කර තිබුණු බවද NDTV පුවත් සේවය  ප්‍රකාශ කරයි.

අනතුරු ඇඟවීම් වාර්තාවෙන් මෙතරම් සවිස්තර තොරතුරු ලබාදී තිබියදී ඒ සම්බන්ධයෙන් අත්‍යවශ්‍යයම පියවර ගත යුතුව  තිබුණත් ශ්‍රී ලංකා බලධාරින් කිසිදු පියවරක් ගෙන නැති බවද එම පුවත් සේවය කියයි.