රටවල් කිහිපයකට වීසා ලබාදීමේ සේවා සපයන මෙරට බලයලත් වීසා මධ්‍යස්ථාන කීපයක් යළි දැනුම් දෙනතුරු වසා දමා  ඇතැයි සංචාරක නියෝජිත ආයතන කියා සිටී.


වීසා මධ්‍යස්ථාන කිහිපයක් මෙසේ වසා දමා ඇති බව එම ආයතන සිය සේවා දායකයන්ට දැනුම් දී ඇත.

ඉන්දියාවට වීසා සේවා සපයන අයි.වී.එස් ආයතනය සහ මැලේසියා, තායි හා චීන තානාපති කාර්යාල අනුබද්ධිත වීසා සේවා මධ්‍යස්ථානද යළි දැනුම් දෙන තුරු වසා දමා ඇති බව එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මීට අමතරව යුරෝපා සංගමයේ රටවලට වීසා සේවා සපයන වී.එෆ්.එස් ග්ලෝබල් වීසා අයැදුම් මධ්‍යස්ථානයද මේ වන විට තාවකාලිකව වසා දමා ඇතැයි වාර්තා වේ.