ඊයේ (22) මීගමුව පෙරියමුල්ල හා ඇඩ්නිවුස් පාර ප්‍රදේශ වලදී
ආගමන විගමන නීතිවලට
පටහැණිව මෙරට රැඳී සිටි පාකිස්තානු ජාතිකයින් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අසල්වැසියන් ලබාදුන් තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට පත්ව ඇත.
වයස 18-25 අතර පසුවන මෙම සැකකරුවන් වීසා කල් ඉකුත්ව තිබියධීත් මෙරට රැඳී සිටිමින් කවර කටයුත්තක් සිදු කරාද යන්න පොලිස් විමර්ශනයට ලක්ව ඇත.
අත්අඩංගුවට පත්වූ අය අද 23 මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.