කොළඹ ෂැංග්‍රිලා හෝටලයට පසුගිය 21 දා එල්ලවූ ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ
ප්‍රහාරයට ලක්ව මියගිය එම හෝටලයේ සේවය කල මිතුරන් දෙදෙනෙකුගේ  අවසන් කටයුතු අද (24දා)සවස

රාගම

වල්පොල හා බුලුගහගොඩ ගනේමුල්ල ප්‍රදෙශවලදි බෞද්ධාගමික පිළිවෙත් මත සිදු කෙරුනා.
මෙලෙස බෝම්බ ප්‍රහාරයෙන් මියගියේ රාගම වල්පොල සෝමවිර මාවතේ පදිංචි වයස 29ක් වූ මියුරු
යසකැලුම් (පැතුම්) හා 21 හැවිරිදි ගනේමුල්ල බුලුගහගොඩ පදිංචි ඩී.ඩී විහග තේජාන් නැමති අයයි.
පිපිරුම අවස්ථාවේ ඔවුන් හෝටලයේ 'ටේබල් වන්' නමැති අවන්හලේ රාජකාරිය කරමින් සිටි බව පැවසිණි.

කදාන එම්.ආර් කුමාර /ජාඇල ප්‍රසංග පෙරේරා