What-happened-to-the-Malayalam-Tamil-song-Menike-Mage-Hithe-which-was-not-posted-on-Yohanis-YouTube-channel

මේ දිනවල  ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ යූටියුබ් රසිකයින් අතර ප්‍රසිද්ධියට පත් යොහානි ද සිල්වා ගයන ‘මැණිකේ මගේ හිතේ‘ කවර් ගීතය ජනප්‍රිය වෙද්දී එහි වැඩිම රසික පිරිස ඉන්දියානු අය බව පෙනීයාම නිසා එම ගීතයේම මලයාලම් හා දෙමළ සංස්කරණයක් නිල වශයෙන් ඉදිරිපත් කිරීමට යොහානි උනන්දු වූවාය.
මෙය වූ කලි යොහානි අනුකරණය කරමින් හෝ එහි කොටස් උපයෝගයෙන් වෙනත් අය මෙවනවිට ගායනා කරමින් සිටින එහි වෙනත් සංයෝජනයක් නොව යොහානි Anas Shajahan සමග එක්ව ගයන පෙර ගීතයේ නිර්මාණයට දායකවූ චමත් සංගීත්ගේ සංගීතයට ගායනා කළ එකකි.
Anas Shajahan සහ NST මෙහි පදවැල රචනා කළ අතර ඉන්දියානු C Music South සමාගම මලයාලම් දමිළ ගීතයේ නිෂ්පාදන කටයුතු සිදු කරන ලදි. මෙම ගීතයේ පූර්ණ අයිතිය අදාළ සමාගම සතුවූ අතර ගිවිසුම අනුව ඊට පෙනී සිටීම නිසා ගීත ගායනයට යොහානි කර්තෘභාග හිමිකරගෙන තිබේ.


කෙසේ වෙතත් එකී ගිවිසුම ප්‍රකාරව මෙම ගීත නිර්මාණය යොහානිගේ යූටියුබ් නාලිකාව තුළින් ප්‍රසිද්ධ කිරීමට ඇයට අවසර නොලැබිණි. එවැනි මලයාලම් හා දෙමළ වර්ෂන් එකක් එන්නට නියමිත බවට පමණක් දැනුම් දීමේ කෙටි වීඩියෝවක් පසුගිය ජුලි 25 වනදින යොහානි සිදු කරමින් එහි වීඩියෝ විස්තරයේ C Music South සමාගමට අයත් යොමුව පළ කරන ලදි.
නමුත් අවාසනාවට කිසියම් නීතිමය හේතුවක් මත C Music South සමාගමට එකී විඩියෝව යූටියුබ් වෙතින් ඉවත් කරගන්නට සිදුවිය. නමුත් එය ඉවත් කරගන්නට පෙර කොපි කරගත් පාර්ශ්වයක් එය නැවත යූටියුබ් වෙත උඩුගත කර තිබෙන අතර එය තවම යූටියුබ් තුළ පවතී. (පහතින් දක්වා තිබෙන්නේ එයයි)
කෙසේ වෙතත් ‘ස්පොටිෆි‘ හා ‘අයිටියුන්ස්/ඇපල් මියුසික්‘ රසිකයින් වෙත මෙම ‘මැණිකේ මගේ හිතේ‘ මලයාලම් දමිළ ගීතය යොහානිගේ නාලිකාවෙන් රසවිඳින්නට අවස්ථාව තිබේ.
පහත පළවන්නේ යොහානිගේ නාලිකාවෙන් හා  C Music South ගිළිහී ගිය ‘මැණිකේ මගේ හිතේ‘ මලයාලම් දමිළ ගීයයි.
(Gossiplankanews.com)




යොහානි සම්බන්ධ පෙර ලිපි