yohani-de-silva-story

✿සම්පූර්ණ නම.....?
            ''යොහානි දිලෝකා ද සිල්වා''
✿උපන් ගම
            ''කොළඹ''
✿පාසල් ගියේ....?
                   ''පාසල් ගියේ කොළඹ විශාකා විද්‍යාලයට O/L වෙනකන් ඊට පස්සේ ගියා england වලට ආයෙත් ආවා ලංකාවට general sir john kotelawala defence university එකට පස්සෙ ආයෙ මම ගියා ඕස්ට්‍රේලියා වල මාස්ටර්ස් කරන්න එකවුන්ටින් වලින්.....''
✿පවුලේ විස්තර
              ''අම්මයි තාත්තයි නංගියි එච්චරයි.....''
✿මේ වෙනකොට ගීත කීයක් ඒවා ඔයාගෙම ගායනා කරල තියෙනව ද....?
                  ''මගේ ම originals දැනට කරලා තියෙනවා සිංහල හතරක් සහ english එකක්.....''
✿යොහානි කොයි වගේ තත්ව වලටද මුහුණ දීලා තියෙන්නේ....?
           ''body-shaming වලට හැමදාම memes හැදෙනවා ගොඩක්...මම වීඩියෝ එකක් දැම්මහම ගොඩක්....මම හිතන්නේ මගේ structure එකට ගොඩක් මිනිස්සු එක එක ඒව කියනවා....ඒත් එක්ක ම මට ගොඩක් එන දෙයක් තමයි මං කොල්ලෙක් වගේ කියලා කොල්ලෙක් වගේ act කරනවා,එහෙම නැත්නම් මගේ ස්වරූපය කොල්ලෙක් වගේ කියලා සමහර වෙලාවට...ඉතින් ....ගොඩක් mems හැදෙනවා... හැම වෙලේම මගේ ඒව ඉතින් මම හිතන්නේ කරන්න දෙයක් නෑ....ඒක අපේ ස්වභාවය මම හිතන්නේ....කාට හරි මොනව හරි කියන එක .....මම හිතන්නේ ඉදිරියට යන්න ඕනේ ඒකේ මම ඇලුනොත් ඒක හරියන්නෙ නෑ මගේ ඉදිරි ගමනට....ඒවත් එක්ක මම මගේ ගමන යනවා....ඒ උනාට අපේ අම්මයි තාත්තයි කියන්නේ ඕවා ගණන් ගන්න එපා කියලා....වැඩක් නෑ කියලා මිනිස්සු කියන දේ කියන්න දෙන්න කියලා....මට ගොඩක් කියන දෙයක් තමයි මම boy කෙනෙක් වගේ කියලා...එතකොට මගේ ඇඟ බෝයි කෙනෙක් වගේ කියලා,මේක මම ඇත්තටම දකින්න ලංකාවේ විතරයි ටික කවදාවත් පිටරටකදී කවුරුත් එහෙම කියලා නෑ .....අපි ඉතින් මට කරන්න දෙයක් නැහැ මේක මට හම්බ උන දේ....ඒක මට සතුටුයි....කාට හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නං කරන්න දෙයක් නෑ...ලෝකයේ ගොඩක් මිනිස්සු ඉන්නවා එක එක විදිහ ඒ කියන්නේ පිරිමි ඉන්නවා ගැහැණු ඉන්නවා ඉතින් මොකද වෙන්නේ ඒක අපිට හම්බ උන දේ ඉතින් මම හිතන්නේ කවුරුත් හිතල මතල දුන්න  දෙයක් නෙවෙයි මේක අපිට හම්බ උන දේ...මම හිතන්නේ ඒක ප්‍රශ්ණයක් කරගන්න ඕනෙ නෑ කවුරුත්...ඒ උනාට මම ගොඩක් ලංකාවේ දැකලා තියෙනවා ඒක අයට body-shaming කරන එක ....නිකං ඔහේ ඉන්ටනෙට් එකේ එක එක comment දානවා මට ඇත්තට හිතාගන්න බෑ සමහර වෙලාවට ඇයි පුද්ගලයෙක් මෙහෙම දෙයක් කියන්නේ හම්බ වෙලා වත් නැති කෙනෙක්ට,කවදාවත් කතා කරලා වත් නැතුව ඇති ඉතින් ඇයි මෙහෙම කියන්නේ තව එක්කෙනෙක් ට ඒක තේරෙන්නේ නෑ මටනම්....''


✿ඔයා ඒ වෙලාවට සාමාන්‍යයෙන් මානසිකව වැටිල තියෙනව ද...ප්‍රශ්නයක් වෙලා තියෙනවා ද...?
                                     ''ප්‍රශ්න නම් වෙලා තියෙනවා...පළවෙනියට ඕවා එන්න ගත්තෙ මම rap එකක් කිව්වා දෙවියන්ගේ බාරේ කියන rap එක අහපු ගමන් මට කියන්න ගත්තා ඇයි කෙල්ලෙක් රැප් කියන්නේ මොකක් කරන්න එපා ඕක නවත්තන්න,සංස්කෘතිය ඔක්කොම කියලා පටන් ගත්තා...ඉතින් ඒ වගේ වෙලාවට ගොඩක් මානසිකව වැටුණා...මොකද මම එහෙම එකක් කවදාවත් හිතුවෙ නෑ එහෙම react දැන් ඇයි කියලා.....ඒ උනාට මම social media වල react කළේ නෑ ....මම මානසිකව වැටුණා...පෙන්නුවෙ නැත්තෙ නැහැ...මම ඒකට react  කරල වැඩක් නෑ කියලා හිතුණා...කියනකෙනා කොහොමත් කියනවා එක එක ඒව....දැන් ඒක පුරුදුයි....කියලා කියලා බැනල බැනල එක දැන් පුරුදුයි....''
✿අම්මයි තාත්තයි මොකද කියන්නේ මේ වෙනකොට යොහානි ලංකාවේ ජනප්‍රිය තරුණියක් නේ....ගායිකාවක්...එංගලන්තේ ඉගෙන ගත්ත ළමයා...ඕස්ට්‍රේලියාවේ මාස්ටර් එකක් ගත්ත තමන් ගේ දුව එදා අංශ ගණනාවක අධ්‍යාපනය හදාරලා ෆොටෝග්‍රැෆි කරල ලංකාවට ඇවිල්ලා  එහෙම කරපු දුව තමයි මේ ගායිකාවක් වෙලා ඉන්නේ .......දැන් අම්මයි තාත්තයි මොකද කියන්නේ ....?
                                          ''දැන් මං හිතන්නේ ඒ ගොල්ලො ගොඩක් ආඩම්බරයි...මගේ videos බලනවා...මං දැකලා තියෙනවා...තාත්තාගේ riging tone එකත් මගේ සිංදුවක් .....ඉස්සර නං ඒගොල්ලන්ට  මම හිතන්නේ හිතා ගන්න බැරි වුනා  ඇයි මම එක පාරටම music කරන්න පටන් ගන්න කියන එක .....ඒ වුණාට දැන් නම් මම අපේ ගෙදර කාමරයක් තියෙනවා මගේ කාබරය නෙමෙයි ඒ උනාට ඒ ගොල්ලො මට ඒ කාමරේ දුන්නා studio එකක් කරගන්න කියලා.....''
✿ඔයාගේ ගොඩක් ජනප්‍රිය වෙච්ච සිංදුවක් නේ රැව්වත් දෑසින්...ඇත්ත කතාවක් ද....?
                                            ''ඇත්ත කතාවක්...''
✿කාටද ඒක තියෙන්නේ...?
                                         ''මගේ තාත්තිට...''
✿තාත්ත ගැන කියලම ගීතය ගැන කතා කරමු...?
                                              ''තාත්ත වැඩිය කතා කරන්නෙ නෑ....උදාර රණවිරුවෙක් තාත්තා....තාත්තා general prasanna de silva...අපිට ගොඩක් දේවල් කියලා දීල තියෙනවා...''
✿ඇයි ඒ ගීතය ලිව්වේ....මොකක්ද  ගීතයේ කතාව ...?
                                      ''ගීතයේ කතාව ඇත්තටම මං පොඩි කාලේ වෙච්ච දේවල්  ඔක්කොම රණවිරුවෙකුගේ දුවෙක් හැටියට වෙච්ච දේවල් සහ නිකං මගේ life story  එක ගොඩක් තැන් වල කියල තියෙනවා...මේක ඇත්තටම ලිව්වෙ chanuka mora...මුළු idea එක ම එයාට ගිහින් කිව්වා...ඒකෙ මම කියලා තියෙනවා එක තැනක අපි වින්දා නින්දා සහ මව නින්දා වින්දා කියලා...ඒකෙන් කියවෙන්නේ අපි ඉස්කෝලේ යන කාලේ parents meeting වල.....පොඩි කාලේ parents meeting වලට  තාත්තා එන්නේ නැහැ මොකද කොළඹ නැති නිසා....ගොඩක් අය ඒ නිසා කිව්වාඅම්මට husband  කෙනෙක් නැහැ කියලා ....නංගි කෙනෙක් ඉන්නවා එයා russia  වල medicine ඉගෙන ගන්න ගමන් ඉන්නේ...ඒ දවස් වල  අපිට මේක හරියට තේරුනේ නැහැ ඇයි කියන එක මෙහෙම කියන්නේ අපි පොඩි නේ .....ළමයිනුත් සමහර වෙලාවට අම්මලා තියෙන දේ ඇවිත් කියනවා ...අපිට වෙන ප්‍රශ්න තිබ්බ නිසා ඒක අපි වැඩිය ගනන් ගත්තේ නැහැ ...ඒ වගේම තැනක කියනවා තිබුනෙ නෑ හරි ළමා කාලයක් තිබුණෙම ගැහෙනා නිහඬ භාවයක් රටින් රටට පියමනින තාලයක් එකට කෑවෙ නෑ සෑහෙන කාලයක් කියලා.....එක එක රටවල තාත්ත යනවා මොකද එහෙම ගිහාම අපිට ගොඩක් තාත්ති එක්ක තිබ්බ කාලය ගොඩක් අඩුයි එතකොට අපි පාසල් යන යන කොට එහෙම අපේ තැන් වෙනස් වෙන නිසා යාලුවොත්  හැම වෙලේම වෙනස් වෙනවා...එක තැනක නැති නිසා අපිට relationship හදා ගන්න වෙලා තිබ්බෙ නැහැ...ඒත් එක්කම සමහර වෙලාවට ඉස්කෝලේ කියනවා අපිට ඉස්කෝලේ ට එන්න එපා කියනවා මොකද තාත්තා රණවිරුවෙක් නිසා ඒක අනිත් අයටත් fact එකක් වෙයි කියලා ....ඒ වගේ ඒවත් තිබ්බා....''
✿මේ රටේ ගොඩක් අය මේ වගේ තත්ත්වලට මුහුණ පාලා ඇති ... කොහොමද ඔයා ඒ තත්ව වලට මුහුණ දුන්නේ...?
                                    ''අපිට වැඩිය ඒව තේරුනේ නැහැ .....ඒ කියන්නේ අපිට ගොඩක් තිබ්බේ තාත්තත් එක්ක නෙමෙයි නේ අපි හිටියේ හදිස්සියේ අපේ ඔළුවේ තිබ්බේ මම හරි වුනොත් අපි ඒකටමුහුණ දෙන්නේ කොහොමද කියන එක..ඉතින් මිනිස්සු කියන ඒවා ඉස්කෝලේ එන්න එපා කියන ඒවා අපිට හරියට දැනුනේ නැහැ...කෝල් එන්න එපා කියනවා හරි එන්නේ නැහැ....ඒ වගේ ඒවා නම් තිබ්බා...තව එක තැනක ගේනවා වෙඩි නොවදින වව්නියාව මතකද නංගිගෙ හුරතල් හිනාව කියලා....''
✿තාත්ත කෝ කියලා අහපු   ප්‍රමාණයක් නැතුව ඇති නේද...
                                 ''ඒ දවස්වල මට මතකයි ඒක ගොඩක් හමුදාවේ ඉන්න දෙමව්පියන්ගේ දරුවන් මුහුණ පාලා ඇති ..සමහර වෙලාවට තාත්තා දකින්න ටීවී එකේ විතරයි...කෝල් කරන්නෙත් නෑ මම හිතන්නේ security issues නිසා....ඉතින් අපි දකින්නේ හෝ දැන ගන්නේ  ජීවිතේට තර්ජනයක් නෑ කියලා දකින්නේ ටීවී එකෙන් විතරයි...වෙඩි නොවදින වව්නියාව කිව්වහමඅපි හරියට හිනා වෙනවා ඒ උනාට දැන් තමයි තේරෙන්නේ ...අපේ තාත්තිට වෙඩි වැදුන එක පාරක්..පස්සේ ගොඩක් කල් ගියාට පස්සේ....තාත්ති නිවාඩුවට ඇවිත් ආපහු යනකොට නංගි හැමදාම කියනව තාත්ති ඔයාට වෙඩි නොවදින වව්නියාවකට යන්න බැරිද කියලා...ඒකෙන් අපි පොඩි කාලේ ඒක අපිට ගොඩක් දැනිලා  තිබ්බ දෙයක්...හැබැයි ඒක ගැන හිතුවේ වෙනත් විදියකට....''
✿යුද්දේ ඉවර කරපු මොහොතේ කොයිතරම් සතුටක් දැනුන ද විරුවෙක් ගේ දුවෙක් හැටියට...?
                                          ''තාත්ති ගෙදර එනකන් හරියට දැනුනේ නැහැ ඒක ඉවරයි කියලා...''


✿තාත්තා මොනාද යුද්දෙ ඉවර කරලා ඇවිල්ලා කිව්වේ...?
                                          ''අපි එහෙම ගෙදර යුද්ධ ගැන කතා කළේ නෑ කවදාවත් ...මොකද තාත්ති ගෙදර එන්නේ කෙටි කාලයක් නිසා අපි ඒක ගැන කතා කරන්නෙ නෑ කවදාවත්...වෙනින් දේවල් තමයි අපි කතා කරන්නේ...ඉස්කෝලේ වෙච්ච දේවල් ඒ වගේ දේවල්...''
✿යොහානි කොහොමද ගායිකාවක් වෙන්නේ...?
                                           ''ගායිකාවක් වෙන්නේ....ඒක දිග කතාවක් ...අපි පටන් ගමු 2015 ඉඳන් internalship එක කර කර හිටියේ cmacgma එකේ...ඒ දවස් වලත් මම පොඩ්ඩක් ගිටාර් එක ගගහා සින්දු කියනවා හැබැයි එහෙම ලොකු ට සින්දු කියන්නේ නැහැ ..ඒ කාලෙදිම තමයි තීව්‍ර කියන advertising digital firm හම්බුවෙන්නේ...මම එහෙදි තමයි ඡායාරූප ශිල්පිණියක් විදිහට හිටියේ...මම ඒක කළේ parttime .....ඉතිං අවුරුදු දෙක තුනක් වගේ හිටියා...අපි weddings ගැහුවා shoot කලා...ඒ එක්කම ඒගොල්ලෝ කිව්වා අපිට කැමරා තියන එකේ...අපි සිංදුවක් කොහෙට හරි ගිහින් record කරලා video එකක් දාමු නිකං කියලා...''
✿ඡායාරූප ශිල්පිනියක් හැටියට කොහොමද වෘත්තිය දැනුනේ ....,?
                                      ''ගොඩක් ආස කරපු වෘත්තියක්....ඒක නිකම් hobby එකක් උනා සමහර වෙලාවට මම කොහේ හරි ගිහින් නිකන් පින්තූර ගන්න ගියා,ඒක වෙනම එකක්....මම ගොඩක් ආස කලා ඒක නිසා මම මගේ production කරනකොට එක ගැන දැනුමක් තියෙන නිසා මම දන්නවා camera එක  කොහොමද තියෙන්න ඕනේ කියලා .....සමහර වෙලාවට අපේ team එකේ අය කියන්නෙ මම artist කෙනෙක් director කෙනෙක් නෙවෙයි කියල..හැබැයි ඒක මම ගොඩක් ආස කරපු දෙයක්....ඊට පස්සේ තමයි තීව්‍ර එක කිව්වේ හරි අපි වීඩියෝ එකක් කරමු කියලා...එතකොට අපි දන්නේ නෑ audio එකක් produce ,කරන්නෙ  කොහොමද කියලා ...ඉතින් අපි ගියා පිළියන්දල studio එකකට...ගිහිල්ලා යාළුවො හතර දෙනෙක් වගේ ගිහිල්ලා ගිටාර් ගහලා සිංදුවක් රෙකෝඩ් කළා..english cover එකක් ඉස්සෙල්ලම කලේ ...ඊට පස්සේ තීව්‍ර කණ්ඩායමේ සාමාජිකයෙක් ගේ ගෙදර උඩ හද හද තිබ්බේ.. එකේ වීඩියෝ එක හදමු කියලා කිව්වා...ඒ මගේ පළවෙනි cover එක එන්නේ 2016... ඊට පස්ස ඕස්ට්‍රේලියා ගිය ගියා ....කොහොම හරි මම ඉගෙන ගත්තා garageband එකේ හදන්න track එකක් ෂේප් එකේ රෙකෝඩ් කරගන්න මගේ ipad එකේ..... චුට්ට චුට්ට ඉගෙනගෙන මම classes වලට ගිහින් ගෙදර ඇවිත් record  කරනවා....ඊට පස්සේ මම masters ඉවර වෙලා ඒ එහේ tr එක ගන්න opportunity එක තිබ්බා...එහෙම නැත්තං ලංකාවට එන්න...''
✿අම්මලා මොනාද කිව්වේ...?
                                      ''අම්මාලා  කිව්වේ එහෙ ඉන්න කියලා...මම ඇත්තටම ඒ තීරණය ගන්න මාස හයක් මම travel කලා...ඉස්සර මම අනිත් අයට assignment  ලියලා පොඩි ගානක් ගන්නවා..මම travel කරන්න ගොඩක් කැමතියි....ඉතින් මෙහෙම යනකොට මට ගොඩක් mucisionලා හම්බුනා ඉතිං මම ඒකට ගොඩක් කැමති වුනා.....ඉතින් මම තීරණය  ගත්ත මෙහෙට එන්න...ඔක්කොම දාලා මම මෙහෙට ආවා 2019....ආව ගමන් තමයි මට pettah effect එක හම්බුනේ....මොකද මම දන්න ගෲප් එකක්....මම හිතුව හරි මෙතනින් මම පටන් ගන්නම් කියලා...එයාලත් එක්ක තමයි මම හරියට පටන් ගත්තෙ මගේ music journey එක...ඒ දවස්වල මම දන්නේ නෑ melody කොහොමද හදන්නේ කියල මොන වත් දන්නේ නැහැ...එතනින් තමයි මම ඉගෙන ගත්තේ .....කාලේ තමයි මට bups වල සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ...මාස අටක් වගේ මම sing කලා....එක දිගට මොකද මම ආපු ගමන් සල්ලි හොයා ගන්න ඕනේ....ඒකෙන් තමයි මම ගිටාර් එකක් ගත්තේ අදාල,පොඩි ඕගන් එකක් ගත්තේ ...මට ඉස්සෙල්ලාම හම්බුනේ පැය පහකට රුපියල් පන්දාහයි...දන්න දෙයක් නෑ මොකද ඒ ගාන තමයි හම්බවෙන්නෙ....ඒ කාලෙත් මගේ ඔළුවේ නෑ ඔරිජිනල් එකක් කොහොමද පොඩි produce කරන්නේ කියලා...ඉතින් මම covers කර කර හිටියා ...ට පස්සෙ තමයි red bull කියන ප්‍රසන්ට්  present opportunity එක එන්නෙ....ඒ ගොල්ලො තමයි අපිට කිව්වේ එක cover එකක් කරන්න පුළුවන්....මිනිත්තු තුනයි දෙන්න ඕන එකක් කරන්න කියලා...''
✿සෑහෙන්න බැනුනුත් ඇහුවා නේද කාලයක් ඔයා ....?
                                          ''ඔව් සෑහෙන්න බැනුම් ඇහුවා තාමත් අහනව මං හිතන්නේ....ඒක ගොඩක් තියෙන්නෙ මං හිතන්නේ අනිත් අයගේ සින්දු කියනවා කියලා...හිතන්නේ මම 2019 ඉඳලා කළේ music ඉගෙන ගන්න එක...මොකද මම ලංකාවට ආවම කරලා තිබ්බෙ නෑ voice training...මම එත් එක්කම පටන් ගත්තා ලහිරු එක්ක music oven එකේ class...මම voice training හතර දෙනෙක් ගාවට විතර ගියා  විතර ගියා....උමාරා  ළඟට ගියා,ඉගෙන ගන්න මොකද මට ඉක්මනට ඉගෙන ගන්න ඕන වුණා ඔක්කොම එක්ක.....මම හිතන්නේ ඉගෙන ගන්න එක නවත්තන්න හොඳ නෑ කවුරුත් ...මම තාමත් හැමෝටම වද දෙනව....ඒ process එකට මම ගොඩක් කැමති වුනා.ඒ උනාට මම මට කාලයේ දෙන්න ඕනදෙයක් ඉගෙන ගන්න ඉතින් මම මගේ originals ටිකක් එන්න තියෙනවා...,රටේ තත්වෙ එක්ක පොඩ්ඩක් අමාරුයි...
✿ඔයා ජනප්‍රිය කියලා ඔයාට හිතුණේ කොයි වෙලාවකද...?
                                         ''මට තාම ඇත්තටම හිතිලා නෑ ......''
✿හැබැයි ඔයාගේ මේ mashup එක එක රැයින් යූටියුබ් එකේ යනවා,social media වල යනවා....?
                                       ''ඒ උනාට...මට කරන්න ඕන දේ කරන්න බැරි වෙලා තියෙනවා...මට ඕනේ මගේ ඇල්බම් එක දාන්න...එතැන මම plan කරලා තියෙනවා සිංදු 12ක්....කැමතිම දේ තමයි ඒකේ පළවෙනි සින්දු හය කරන්න මට ගියා අවුරුද්දක්.. මම melody දාන්න ඉගෙන ගන්න ඕනේ,lyrics ලියන්න හදා ගන්න ඕනේ මේ ඔක්කොට ම මේ process එක දැනං හිටියෙ නෑ හරියට කොහොමද කරන්නේ කියලා.....ඊට පස්සේ අනිත් සින්දු හය කරන්න ගියේ මාසයයි ...මේ හිතන්නේ එකට කල් දෙන්න ඕනේ කියලා ....
✿ඔබ දැන් cyberbullying ගත්තම යෙහානි මුහුණ දුන්න නේද....?
                                          ''ඔව් ගොඩක්....තාමත් අහුවෙනවා....''
✿එක් අවස්ථාවක මට මතකයි ඔබගේ කියන ඡායාරූප පෙළක් රජ මාධ්‍ය වලට ආවා නේද.....?
                                            '' ඒක හැම වෙලේම එනවා....හැම අවුරුද්දෙම ඇවිල්ලා යන දෙයක් වෙලා තියෙන්නෙ....කරන්න දෙයක් නෑ මම හිතන්නේ ඒ වගේ දේවල් ගොඩක් ගැහැනු ලමයිට වෙනවා....''
✿මොකක්ද  ඇත්තටම එතන උනේ...?
                                            ''එතන උනේ මම photography නේ කලේ....අපේ කණ්ඩායමේ එක් කෙනෙක්ගෙම පින්තූරයිමගේ පින්තූරයි ඔක්කොම එකට දාල හැමෝටම යවලා තිබ්බා..මම හිතන්නේ හැමෝම මානසිකව වැටුණා....මොකද එහෙම එකක් කලින් මට වෙලා තිබ්බෙ නැහැ ....මම හිතන්නේ මට මේක උනේ ඔස්ට්‍රේලියාවල ඉන්නකොට...ඉතින් මම දන්නේ නැහැ මෙහෙ වෙන්නේ මොනවද කියලා.....හැබැයි මට අම්මයි තාත්තයි කිව්වා මොකද වෙන්නේ කියලා මමත් ඒ වෙලාවේ හිතුන අම්මට තාත්තට ප්‍රශ්නයක් නැත්තං ඇයි මට ප්‍රශ්නයක් වෙන්නෙ කියලා...., එහෙම්මම යන්න දුන්නා....තේරුණේ නෑ කොහොමද එකට react කරන්නනේ කියලා.....තාම එකට react කරලා නෑ හරියට.....මොකද ඒවා වලට හිත යොමු කරන එක අපරාධ කියලා හිතෙන්නේ ..... ඒක මට වගේම අනිත් අයටත් වෙන දෙයක් මම හිතන්නේ ගෑනු ළමයි මොකක් හරි දෙයක් කරන්න පටන් ගත්තහම කියන්න පටන් ගන්නවා කකුලෙන් අදින්න පටන් ගන්නවා,පින්තූර දානවා ඒ වගේ දේවල් ගොඩක් අයට වෙනවා දැකල තියෙනවා අහලා තියෙනවා...මම හිතන්නේ මේක බලන අයටත් එහෙම issues තියෙන්න පුළුවන් මම කියන්නේ ඒවා වලින් කවදාවත් වැටෙන්න එපා අද කිසිම වැඩක් නැති දෙයක් .....මිනිසුන්ට ඕන දෙයක් කියන්න කියලා තමන් තමන්ගේ ගමන යන්න.....''
✿තරුණ ගැහැනු ළමයෙක් entertainment field  එකේ රැකියාවක් තෝරගන්නකොට ගෙදරින් කොයි වගේ support  එකක් එන්න ඕනද...?
                                           ''මම හිතන්නේ අනිවාර්යෙන් අවශ්‍යයි මෙතන හැමෝටම එහෙම support  එකක් හම්බු වෙන්නේ නැහැ මම හිතන්නේ මේක අපි ඉස්කෝලෙ යනකාලෙත් අපිට මේ සංගීත විෂය හරි ආර්ට් කියන එක හරි වගේ දෙයක් අපිට ගොඩක්  කියලා දෙන්නේ බාහිර දෙයක් විදිහට.....ඒකෙන් කවදාවත් රැකියාවක්  කරන්න එකක් අපිට කියලා දීලා නැහැ ....music පටන් ගන්න කොටත් මම දැනන් හිටියේ නැහැ කොහෙන්ද පටන් ගන්නෙ කියලා.....අපිට කියලා දීලා නෑ කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා.....මම හිතන්නේ ඒක සාධාරණයි කවුරු හරි ගිහින් කිව්වොත් මට මියුසික් කරන්න ඕනේ කියලා මොකද කරන්න ඕන කියන එක ප්‍රශ්නයක් වෙනවා මොකද අපි දන්නේ නැහැ ඇත්තට කොහොමද කරන්නේ කියලා ඉතින් තමන්ට මොනවා හරි කරන්න ඕන නම් හැබැයි ඉතින් ඔයාට ෂුවර් නම් කරන්න ඕනේ කොහොමද කියලා මම හිතන්නේ අම්මයි තාත්තයි පවුල යම් දවසක ඒකට react කරයි....''
✿instagram එකේ followers ලා කීයක් ඉන්නවද කීයක් ඉන්නවද?
                                           ''ලක්ෂ එකයි විස්සක් වගේ.....''
✿Tik tok එකේ.....?
                                             ''ලක්ෂ පහක් විතර....''
✿සාමාන්‍යයෙන් හොඳ ප්‍රමාණයක් නේ.....ඔයා හිතන්නෙ කොහොමද මේ insragram එක tik tok වගේ එකක් moneygramකරන්න පුළුවන් තැනක් ද artist කෙනෙක්ට.....එහෙම ලොකු fan base එකක් හදා ගත්තහම...?
                                            ''යම් කෙනෙක් ඒක හරියට use කළොත් හොයන්න පුළුවන්...''
✿ඔබ පාවිච්චි කරනවද ඒ විදිහට....?
                                             ''මමත් පාවිච්චි කරනවා ඔව්.....''
✿ඔයා එක පාවිච්චි කරනවද brands endorsement වලට....?
              ''brands endorsement වලට කියන්නේ මට තියෙන්නෙ brands endorsement තුනයි.....පොඩි පොඩි ඒවා වලට ගොඩක් එනවා ඒ උනාට මම එකක් වත් ගන්නේ නැහැ මොකද මම හිතන්නේ එතකොට value එක බහිනවා....team එකත් එක්ක කතා කරල තියෙන විදිහට මේ brand එක මගේ music වලට වලටවත් fashion වලට වත් නැතන් කරගන්නේ නැතුව අපි ඉන්නවා මොකද ඒක මට අදාළ නෑ නැත්තං.....දැනට මට තියෙන්නේ තුනයි...මම දැන් artist කෙනෙක් නිසා මම එහෙමයි ගන්නේ .....''
✿artist කෙනෙක්ට management එකක් තියන එක manage කරන company එකක් තියෙන එක ඔයා හිතන්නෙ මේ වෙලාවේ කොයි තරම් අවශ්‍ය දෙයක් කියලද.....?
                                           ''මං හිතන්නේ ලංකාවේ ඒක හරියට නැහැ මට තේරෙන විදිහට ....හැබැයි එහෙම එකක් තියෙන එක ගොඩක් හොදයි හැබැයි එකෙන් වෙන්නේ artist ට  artපැත්ත  බලන්න පුළුවන්..මම හිතන්නේ එහෙම පුලුවන්නම් management එකක් තියා ගන්න  මට හිතෙනවා ඒක හොඳයි කියලා....''
✿යොහානි ට එල්ල වෙච්ච ප්‍රධාන චෝදනාව තමයි copy right issue එක...?
                                      ''ගොඩක්....දෙක තුනක්ම copy right issues....ඇත්තටම දැනං හිටියෙ නෑ ඒක ගැන වැඩිය පටන් ගන්නකොට මම සින්දු පැත්ත විතරයි බැලුවේ copyrigh එක මගේ දේ වැරැද්දක් ඇත්තටම  දේ වැරැද්දක් ඇත්තටම දැන්  මම දන්නවා මොනාද කරන්න ඕනේ කියලා ගොඩක් covers  වලට තමයි මට copyright ආවෙ you tube එකේ දාපු සමහර covers මට remove කරන්න වුණා....ඒ issues නිසා...හැබැයි ඉතින් කරන්න දෙයක් හිතන් ඉන්නේ original ටික  කරන්න....ඒකට තව කල් යනවා........''
✿ඒකට මේ ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් ආව ප්‍රශ්න කොයි වගේද..?
                              ''ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් ප්‍රශ්න ආවා ....මං හිතන්නේ මට නම් කියන්න බැහැ ...ඒ උනාට ඉතිං ඒක කරන්න දෙයක් නෑ මම හිතන්නේ දෙපැත්තක් තියෙනවා ඒකට හිතන්නේ මේ එක මම කරපු වැරැද්දක් සමාවෙන්න ඕනේ....ඒ උනාට මම මේ පාර මේ ලගදි කරපු cover එක ඒක මම කලේ ඒ original artist එක්කමයි සහ original producer ඒකමයි ...ඒ වගේ කැමති අයත් ඉන්නවා.....ඒක ගොඩක් සතුටුයි එහෙම එකතු වෙලා දෙයක් කරන්න පුළුවන් වීම ගැන.....සමහර දේවල් වලට මට ගොඩක් හිත රිදුනා මම ගොඩක් වෙහෙස වෙලා කරපු covers ගලවන්න වුණා ප්‍රශ්න නිසා....ප්‍රශ්න තිබ්බේ මම විතරක් නෙමෙයි ඒක කළේ ලොකු කණ්ඩායමක් එක්ක කළේ ගොඩාක් plan  කරල  කරපු ඒවා....මට bns,ලහිරු,වස්ති එයත් එක්ක මට stage ඉන්න පුළුවන් වුණා....''
✿Bns කියන band එක ගැන මොකද හිතන්නේ ....?
                                ''මම ගොඩක් ආස දෙන්නෙක්.....අපි පොඩි කාලේ ඉඳලා සින්දු බලනවාමට ඇත්තටම හිතාගන්න බැරි වුණා ඇත්තටම මම ඒක ස්ටේජ් එකේ නැගලා වෙනවද කියන එක පලවෙනියටම ආවම....ගොඩක් ලොකු experience  එකක්....සිරිසඟබෝධි තමයි මම පලවෙනියට කිව්වේ bns එක්ක..මම ආස කරන චරිත දෙකක්  දෙකක්..personally ගත්තොත් කොහොමද indrustry එකේ වැඩ කරන්න ඕනේ මගේ සිදු කරන්නේ කොහොමද advice දෙනවා....advice දෙන එක මට ලොකු දෙයක් ගොඩක් ගෞරව කරනවා මම ඒ දෙයට හැමෝම කරන දෙයක් නෙමෙයි ඒක....''


✿ඔයා ඔයාගේ කොන්ඩ පාට මාරු කරන්නේ කොයි වගේ කාල වලට ද...?
                               ''එහෙම එකක් නෑ සමහර වෙලාවට මම ඉදිරියේදී කොන්ඩෙ කපයි....එම එකක් නෑ මට හිතෙන දේ මම සාමාන්‍යයෙන් කරනවා....''
✿මොකක්ද යොහානි  ජීවිතයේ කියන්නේ.. ?
                                          ''ජීවිතයේ කියලා කියන්නේ .....මට හැඟෙන විදිහට හැමදාම තමන් නැති කළා තමන්ට ආස දෙයක් කරන්න පුළුවන් නම් සතුටින් එච්චරයි ඕන.......''
✿ඒ දවස් වල සතුටින්ද ඉන්නේ...?  
                                             ''මේ දවස් වල සතුටින් ඉන්නේ..හැමදාම  සතුටින් ඉන්නේ ...පොඩි පොඩි අවුල් උනත් සතුටින්න ඉන්නේ.....''
✿මැස්සා ගීතය ටිකක් වෙනම අවස්ථාවක් ගීතය වගේම....පිටිපස්සෙ තියෙන කතාව කොහොමද මම ඒ ගීතය කළේ කියලා.....?
                                               ''ගොඩක් අය මට කිව්වා ඒ මේ බයිලා සින්දුවක් කළේ කියලා.....ඔයා rap නේ කියන්නේ කියලා...හිතේ හැදෙන්නේ ඇත්තටම අර මං කිව්ව live in concert එකෙන පස්සෙ..ඉතින් මම එදා කොන්ඩෙ නැතත් ඉන ගාවට සිංදුව කිව්වා....සහ මිනිස්සු පේන්නෙ නැහැ වාහන විතරයි අනිත් එක අත්පොඩිං බය වෙලා හිටියේ මම එක පලවෙනියටම කරපු  දෙයක්...කොහොම හරි මට නම කියන්න අමතක උනා කොරින් අල්මේදා සහ රජීව් සෙබස්තියන්...එක ඊළඟ දවස පෝස්ට් එකක් දාල තිබ්බ රජීව් තරුණ පරපුර අපේ සින්දු කියන එක අගයනවාඒ උනාට නම කිව්වොත් හොඳයි නේද කියලා.....ඇත්තටම ඒක මගෙ වැරද්දක්....පස්සේ මම face book එකේ ඔයා කරපු දෙයක් නෙවෙයි කියලා sorry කියලා දැම්මා ...රජව් මට එයාගේ නම්බර් එක එවලා තිබ්බා...මම ඒ  වේලම කෝල් එකක් අරගෙන ආයිත් sorry කිව්වා...එහෙම ප්‍රශ්නයක් නැහැ එක කිව්වා නම් හොඳයි කියලයි කිව්වේ කියලා කිව්වා.....පස්සේ කොහොම හරි රජිව් මට ආපහු කතා කරලා පුතා මම ඔයාට සිංදුවක් කරොත් මොකද කියන්නෙ කියලා.....call එක එන්නේ මට copyright  ප්‍රශ්න ඔක්කොම මැද....ඒක ලොකු දෙයක් වුනා මට ....හරි කරමු කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා.....ඔහු තමයි මේ සින්දුවෙ තනුව නිර්මාණය කළේ ...produce කරල සේරම කළේ ඔහු .....ඔහු මෙම වියදමින්ම ඒක මට ඒ වෙලාවේ ලොකු දෙයක්....relationship එක ගොඩක් හොදයි පවුලත් එක්ක....සින්දුවටත් වැඩිය මට ඒ උන කතාව වටිනවා මට ඒ ඔක්කොටම වැඩිය .....ඉතින් මට හැමෝටම explain කරන්න බැහැ මම බයිලා එකක් කියන්න කියලා...බයිලා එක මම කරපු ආසම නිර්මාණයක්....''
✿ඒකෙ බොහොම සුවිශේෂී කතාවක් තියෙනවා නේද වැඩසටහන ඉවර කරන්න කලින් ඒ ඇගයීමක් ලබා දෙමු....?
                                ''මම රෙකෝඩින් එක ඉවර වෙලා ස්ටූඩියෝ එකෙන් යද්දි මට මොනාද කරන්න පුළුවන් මොකද ඔහු තමයි ඔක්කොටම වියදම් කළේ ඒ උනාට එයා කිව්වා මොනාත් එපා පුතා මම මැරුනු දවසට මිනියට කර ගහන්න කියලා මොකද මට එක පුතයි ඉන්නේ කියලා....අනේ මන්ද මට ඒකට වචන නැහැ....ඒ වගේ මිනිස්සුත් ඉන්නවා.....බනින මිනිස්සු අතරේ....මම හිතන්නේ හොඳ නරක දෙකම තියෙනවා.....

සාකච්ඡාව - ළහිරු මුදලිගේ