I-saw-Amitabhs-tweet-when-I-woke-up-in-the-morning-Yohani
පසුගිය දිනවල විශේෂ කතාබහකට ලක්වූ ශ්‍රී ලංකාවේ ගායිකා යොහානි ද සිල්වා ගේ ‘මැණිකේ මගේ හිතේ‘ කවර් ගීතය මේ වනවිට යූටියුබ් ඔස්සේ මිලියන 64 කට වැඩි නැරඹුම් ලබා තිබෙන අතර එයට වැඩි වශයෙන් නැරඹුම් එක්කර ඇත්තේ අති විශාලවූ ඉන්දියාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් බව වාර්තාවේ.
ලංකාවේ සිදු කළ වෙනත් කිසිම ගායනයක් මෙතරම් විශාල යූටියුබ් නැරඹූම් මේ දක්වා ලබාගෙන නැත.
ගීතය ඉහළ ජනප්‍රියත්වයකට පත්වූ පසු ගායිකා යොහානි ද සිල්වා සියත ගුවන්විදුලියේ උදෑසන වැඩසටහනට සම්බන්ධ වෙමින් සඳහන් කර තිබුනේ ගීතය සම්බන්ධයෙන් බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සැපයූ ඇගයුම නිසා එය තවත් ඉහළට එසවුණ බවයි.
‘මට යාළුවෙක් රෑ කතා කරලා කිව්වා මෙහෙම කොමෙන්ට් එකක් අමිතාබ් බච්චන් මහත්මයා දාලා තියනවා කියල. මං ඒ වෙලාවෙ නිදාගෙන හිටියෙ මං ඒ වෙලාවෙ බැලුවෙ නැහැ. ඒත් පහුවද ඇහැරිලා බලද්දි ඒක ගැනත් ගොඩක් අය කතා කරලා..


මට හිතාගන්න බැරිවුණා.තාමත් හිතාගන්න බැහැ වගේ.‘

ඔයා පිරිමි ළමයි කියන සිංදුම කියන්නෙ ඇයි?
‘මටත් ඒක හිතන්න බැහැ. මං ආස වැඩිපුරම පිරිමි ළමයින්ගෙ ගීත වලට.මගේ කටහඩ ඒ රේන්ජ් තියනවා මං හිතන්නෙ‘

ඇයි ඔයාගෙම සිංදු නොකියන්නෙ?
‘මං දැනට 4 ක් කරල තියනවා. තව 12ක් විතර එන්න තියනවා. ඒත් මං මගේම සිංදු කියල එකක් නැහැ. වෙනත් සිංදුත් මාරුවෙන් මාරුවට හරි ඉස්සරහට කියන්න කැමැත්තෙන් ඉන්නවා‘

මේ සිංදුව කරේ කොහොමද?
‘මං මුලින් මේ සිංදුවෙ කෑල්ලක් කරල ටික් ටොක් එකට දැම්මා. එතකොට ඒක දැකල චමත් සංගීත් කෝල් කරල කිව්වා අපි ෆුල් එක කරමු කියල‘

ඔරිජිනල් කියපු අය තර්ජනය කළාද?
‘සතිෂන් ආර් එක්ස්  දුලාන් ආර්එක්ස් මට ගොඩක් හෙල්ප් එකක් වුණා. කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ‘