Background video of 'Menike Mage Hithe' sung by Yohani

මේ දිනවල ලංකාවටත් වඩා ඉන්දියාවේ ජනප්‍රියව පවතින ශ්‍රී ලංකාවේ නිර්මාණයක්වූ යොහානි ගයන මැණිකේ මගේ හිතේ වීඩියෝ ගීය ස්ටුඩියෝවක් ඇතුළත සුළු ඉඩක් තුළ රූපගත කර අහවර කරන්නට යෙදුණක් වන අතර එහිදී රූප රාමුවල ගායනය කරන අය පමණක් සමීප රූප ලෙස දර්ශනය වේ.


බොහෝ ජනප්‍රිය වූ මියුසික් වීඩියෝ හා සසඳද්දී නිෂ්පාදනය අවම මට්ටමේ වියදමකින් සිදු කර තිබූ යොහානි ගයන මෙම ගීතයේ පටිගත කිරීමේ අවස්ථාවේ ලබාගත් දර්ශන ඇසුරින් පසුබිම් නිර්මාණ වීඩියෝවක්ද මේ වනවිට එළිදක්වා ඇත.
මේ සමග පහත පළවන්නේ එයයි.   ‘මැණිකේ මගේ හිතේ‘ ගීතය මේවනවිට මිලියන 88 ක් පමණ නරඹා ඇති අතර ශ්‍රී ලංකාවේ ගායිකාවකගේ නාලිකාවකට පළමු වරට යූටියුබ් මිලියන 2 ක සාමාජිකයින් එක්වූ අවස්ථාවද අද (5) යොහානි සටහන් කළාය. පසුබිම් වීඩියෝව පහතින්