ශ්‍රී ලාංකික මියුසික් වීඩියොවක් වැඩිම නැරඹුම් සහිතව යූටියුබ්හි වාර්තා පිහිටුවීම සම්බන්ධයෙන් මේ වනවිට තරගකාරී තත්වයක් මතුව තිබේ. එතෙක් මෙතෙක් එම වාර්තාවට හිමිකම් කියුවේ චමු ශ්‍රී වීඩියෝ ප්‍රඩක්ෂන් හි නිෂ්පාදනයක් ලෙස 2017 වසරේදී කලඑළි දුටු ‘ප්‍රේම සටන‘ Prema Satana (Sada Gini Ganna) වීඩියෝවයි. 


එය මිලියන 125.4 ක් නැරඹුම්වාර මේ වනවිට අත්කරගෙන ඇති අතර   Ashen Silva ft Nate Rhyme ගායනය කරන ලදි. පියුමි ශ්‍රීනායක නමැති සරාගී නිරූපිකාව යොදාගෙන රූප රචනය කර තිබූ මෙම ගීතයේ පද වැල සංගීතය  හෝ එහි ගායනය ගැන කිසිවෙකු කතා කළේ නැත. එහි ආකර්ෂණය තිබුනේ පියුමි ශ්‍රී නායකගේ සරාගී නිරූපණය කෙරෙහිය. එයට මිලියන ගණන් නැරඹූම් ලැබෙන්නේ එම කොටස් නරඹන්නට ඇදී එන්නන්ගෙන් පවතින ඉල්ලුම නිසාය.

චමු ශ්‍රී සහ ඉරාජ් තරගයට මෙන් එවැනි ගීත රැල්ලක් කලකට ඉහත ලංකාවේ නිර්මාණය කළ අතර හුදෙක් මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් ඒවා සිදු කළ බවට විවේචනද එල්ල විය.

තමන්ට අයත් නැති ගීතයක් නැවත ගායනය කළත් යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ‘ ගීතයේ ගායනය හා පදවැල මෙන්ම විශේෂයෙන් නව සංගීත සංයෝජනය ඇගයුමට ලක්ව තිබේ.
ඒ නිසාම එය පාදක කොටගෙන වෙනත් භාෂා සංස්කරණ සහිත අනුවාදිත වීඩියෝද රාශියක් බිහිව තිබේ.
ඉතා වේගයෙන් එය වාර්තා අතරට පැමිණ තිබෙන අතර දැනට මිලියන 114 ක් නරඹා ඇත. කෙසේ වෙතත් එය
 ශ්‍රී ලාංකික මියුසික් වීඩියොවක් වැඩිම නැරඹුම් සහිතව යූටියුබ්හි වාර්තා පිහිටුවීම සම්බන්ධයෙන් තවම දෙවැනි තැන තිබේ. නොබෝ දිනකින්ම එය අංක එක වනු ඇතැයි අනාවැකි පළවේ.
(Gossiplankanews.com)

චමුශ්‍රී හා යොහානිගේ ගීත දෙක පහතින්