
රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප්-- ගරු කථානායකතුමනි, 2025 අපගේ පළමු අයවැයෙන්, රාජ්‍ය අංශයේ අවම මාසික මූලික වැටුප රු. 15,750 කින් වැඩි කිරීමෙන් සහ වාර්ෂික වැටුප් වර්ධක අගය 80% දක්වා වැඩි කිරීමෙන් මූලික වැටුප වැඩි කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙම වැටුප් වැඩි කිරීම සඳහා රු. බිලියන 330 ක් වැය වෙනවා.
මෙම වැටුප් සංශෝධනය අදියර 3 කින් ක්‍රියාත්මක කරන ලද අතර එහි අවසාන අදියර 2027 වසරේදී ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අයවැයෙන් රු. බිලියන 110 ක් වෙන් කරනු ලබනවා.
මේ අතර, විවිධ ක්ෂේත්රවල රාජ්‍ය සේවකයින් විසින් සිය රාජකාරි ඉටු කිරීමේදී දැරීමට සිදුවන ඒ ආශ්රිත වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, තම දීමනා සංශෝධනය කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. එම ඉල්ලීම් මෙන්ම රජයේ පවතින මූල්‍ය අවකාශය ද සැලකිල්ලට ගනිමින්, මෙම අයවැය මඟින් ප්‍රමුඛතාව ලබා දෙමින් දීමනා කිහිපයක් ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා.
අනෙකුත් දීමනා සංශෝධනය කිරීමේ ඉල්ලීම් රාජ්‍ය මූල්‍ය හැකියාව සැලකිල්ලට ගනිමින් ඉදිරි අයවැයවල දී අදියර වශයෙන් සලකා බැලීමට කටයුතු කරනු ලබනවා.
ඒ අනුව, පහත පරිදි දීමනා සංශෝධනය කිරීමට යෝජනා කරනවා.
රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2016 යටතේ නිල වාහනයක් සඳහා හිමිකම් ලබන නමුත්, නිල රාජකාරි ඉටු කිරීමේ දී තම පෞද්ගලික වාහන භාවිත කරනු ලබන විධායක නිලධාරීන්ට දැනට මාසිකව රු. 50,000 ක ප්‍රවාහන දීමනාවක් ගෙවනු ලැබේ. පෞද්ගලික වාහන නිල රාජකාරි සඳහා යොදා ගැනීමේදී නඩත්තු, අලුත්වැඩියා සහ අනෙකුත් මෙහෙයුම් වියදම් ඉහළ
යාම සැලකිල්ලට ගනිමින් හා වාහනයක් හිමි රාජ්‍ය නිලධාරීන් වෙත රජයෙන් වාහනයක් ලබාදීමට වඩා ඔවුන් පෞද්ගලික වාහනයක් භාවිත කිරීම රජයට වඩාත් මූල්‍ය ඵලදායීතාව වැඩි බැවින්, එය දිරිගැන්වීම සඳහා දැනට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව රු. 100,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.
සම්පූර්ණයෙන් විදුලි බලයෙන් ධාවනය කරන පෞද්ගලික වාහන භාවිතා කරන, නිල වාහන හිමිකම ඇති නිලධරයන්ට, විදුලි බලයෙන් ධාවනය වන වාහන භාවිතය දිරි ගැන්වීමේ අරමුණෙන්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 13/2008(V) අනුව ගෙවනු ලබන මාසික දීමනාව 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි 150% කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා.
සෞඛ්‍ය අංශයේ දීමනා අපගේ ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා කරනු ලබන වැදගත් කාර්යභාරය සලකමින්, වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන DAT දීමනාව රු. 70,000 සිට රු. 95,000 දක්වා රු. 25,000 කින් වැඩි කිරීමට යෝජනා කරනවා.
ජාතික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හි නිලධාරීන්ගේ මාසික විශේෂ රාජකාරි දීමනාව රු. 6,000 සිට රු. 12,000 දක්වා ද, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මාසික විශේෂ රාජකාරි දීමනාව රු. 2,000 සිට 4,000 දක්වා ද වැඩි කිරීමට යෝජනා කරනවා.
ද සෞඛ්‍ය අංශය සඳහා යෝජනා කරන ලද ඉහත දීමනා වැඩි කිරීම පියවර දෙකකින් ගෙවීමට යෝජනා කරනවා. ඒ අනුව වැඩිවීමෙන් 50% ක් 2027 ජූලි මස සිට ද, එහි ඉතිරි 50%, 2028 වසරේ දී ද ගෙවනු ලබනවා.
විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතනවල කථිකාචාර්යවරුන් සඳහා ගෙවීම් උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ මානව සම්පත් සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, එම කාර්ය මණ්ඩලයට දැනට ගෙවනු ලබන අධ්‍යයන දීමනාව රු. 25,000 කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. එම වැඩි වන දීමනාවෙන් 50% ක් 2027 ජූලි මස සිට හා ඉතිරි 50% 2028 ජූලි මාසයේ සිට ලබා දීමට කටයුතු කරනවා.
විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා විශේෂඥ දැනුම සහිත බාහිර කථිකාචාර්යවරු විශ්වවිද්‍යාල වෙත ආකර්ෂණය කරවා ගැනීම වෙනුවෙන්, බාහිර කථිකාචාර්යවරුන් වෙත සිදු කෙරෙන ගෙවීම්, දැනට පවතින අනුපාතවලට අනුකූලව තුන් ගුණයකින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. ඒ අනුව, දැනට පැයක් වෙනුවෙන් ගෙවනු ලබන රු. 1,500 ක් වන දීමනාව රු. 4,500 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. එමෙන්ම, ප්‍රායෝගික පරීක්ෂණ සඳහා බාහිර උපදේශකවරුන් වෙනුවෙන් පැයකට ගෙවනු ලබන රු. 600 දීමනාව රු. 1,800 දක්වා ඉහළ දැමීමට යෝජනා කරනවා.
වෘත්තීය නිපුණතා අධ්‍යයන කටයුතු සඳහා විශේෂඥ දැනුම සහිත බාහිර කථිකාචාර්යවරු වෘත්තීය හා තාක්ෂණ ආයතන වෙත ආකර්ෂණය කරවා ගැනීම වෙනුවෙන්, බාහිර
කථිකාචාර්යවරුන් වෙත සිදු කෙරෙන ගෙවීම්, දැනට පවතින අනුපාතවලට අනුකූලව 100% කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා.
ත්‍රිවිධ හමුදා ආහාර දීමනාව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ආහාර සැපයීම සඳහා දරනු ලබන පිරිවැය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සහ සුබසාධනය තහවුරු කිරීමේ අරමුණින්, ත්‍රිවිධ හමුදා සඳහා ගෙවනු ලබන දෛනික ආහාර දීමනාව 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් සඳහා රු. 315 කින් ද, සෙසු නිලයන් සඳහා රු. 332 කින් ද ද ඉහළ නැංවීමට යෝජනා කරනවා.
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ ආහාර හා නවාතැන් දීමනාව පොලිස් නිලධාරීන් හට සිය රාජකාරි ඉටු කිරීමේ දී දැරීමට සිදුවන ආහාර හා නවාතැන් වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, එම වියදම් පියවා ගැනීම සඳහා දැනට ගෙවනු ලබන මාසික ආහාර හා නවාතැන් දීමනාව 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි රු. 10,000 කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා.
බන්ධනාගාර නිලධාරීන් සඳහා අවදානම් දීමනාව බන්ධනාගාර නිලධාරීන් සිය රාජකාරි ඉටු කිරීමේදී මුහුණ දෙන දුෂ්කර හා අධි අවදානම් සහගත සේවා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, දැනට ගෙවනු ලබන මාසික අවදානම් දීමනාව රු. 8,000 සිට රු. 16,000 දක්වා 100% කින් වැඩි කර, ඉහළ නැංවීමට කටයුතු කරනවා.
එලෙසම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සිවිල් නිලධාරීන් හට දැනට ගෙවනු ලබන රු. 2,250 ක දීමනා ද, රු. 10,000 ක් දක්වා වැඩි කිරිමට යෝජනා කරනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ යෝජිත මෙම දීමනා 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීමට යෝජනා කරනවා.
ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා දීමනා ප්‍රජාව වෙත අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා ඍජුවම සැපයීමේ දී ක්ෂේත්‍ර නිලධාරීන් ඉටු කරනු ලබන කාර්යභාරය සහ ඔවුන්ගේ ක්ෂේත්‍ර පාදක රාජකාරි සමඟ බැඳී පවතින වියදම් ඉහළ යාම සලකා, ග්‍රාම නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 1,600 සිට රු. 4,000 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශ සඳහා රු. 3,000 සිට රු. 6,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ද ඉහළ නැංවීමට යෝජනා කරනවා.
සංවර්ධන නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 300 සිට රු. 1,000 දක්වා ද මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශ සඳහා රු. 1,000 සිට රු. 2,000 දක්වා ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 750 සිට රු. 1,500 දක්වා ද වැඩි කරනු ලබනවා.
සමෘද්ධි නිලධාරීන් සඳහා දැනට ගෙවනු මාසික ගමන් වියදම් දීමනාව රු. 2,000 සිට රු. 2,500 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශ සඳහා රු. 2,500 සිට රු. 5,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ද වැඩි කරනවා.
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 400 සිට රු. 1,000 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශ සඳහා රු. 3,000 සිට රු. 6,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කරනවා.
ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා වන ඉහත දීමනා 2027 වසරේ අප්‍රේල් මස සිට සංශෝධනය කරනවා.
අධිකරණ ක්ෂේත්රයේ දීමනා සංශෝධනය කිරීම මහාධිකරණ විනිසුරු හා අධිකරණ නිලධාරීන්ගේ දීමනා අධිකරණ ක්ෂේත්රයේ නිලධාරීන්ගේ වෘත්තීය වගකීම්, සේවයේ ස්වභාවය සහ කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, මහාධිකරණ විනිසුරුවන්, විශේෂ ශ්‍රේණියේ අධිකරණ නිලධාරීන් සහ සෙසු ශ්‍රේණිවල අධිකරණ නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික වෘත්තීය දීමනාව රු. 25,000 කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. මෙම වැඩිවීමෙන් 50% ක් 2027 ජූලි මස සිට ද, ඉතිරි 50% 2028 වසරේ දී ද ගෙවීමට කටයුතු කරනවා. 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම ලත් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව රු. 50,000 කින් ද හිමිකම් ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රු. 25,000 සිට 50,000 දක්වා ද රජය විසින් නිල නිවාසයක් හෝ බදු පදනම මත ලබාගත් නිල නිවාසයක් හෝ සපයා නොමැති අවස්ථාවල දී, තම නේවාසික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දැරීමට සිදුවන වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, මහාධිකරණ විනිසුරුවන් සහ අනෙකුත් විනිසුරුවන් සඳහා දැනට ගෙවනු ලබන මාසික නිවාස දීමනාව 100% කින් ද වැඩි කිරීමට යෝජනා කරනු ලබනවා.
නීතිපති දෙපාර්තමේන්තුවේ දීමනා ද නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති, සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතිඥ යන තනතුරු සඳහා වෘත්තීයක නොයෙදීමේ මාසික දීමනාව රු. 25,000 කින් ද ජ්‍යෙෂ්ඨ රජයේ අධි නීතිඥ සහ රජයේ අධි නීතිඥ යන තනතුරුවල නිලධාරීන් සඳහා වෘත්තීය 20,000 කින් ද ඉහළ නැංවීමට යෝජනා කරනවා. මෙම වැඩිවීමෙන් 50% ක් 2027 ජූලි මස ද සිට ද, ඉතිරි 50% 2028 වසරේ දී ද ගෙවීමට කටයුතු කරනවා.
නොයෙදීමේ දීමනාව රු. 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව ද රු. 50,000 කින් ද හිමිකම ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රු. 25,000 සිට රු. 50,000 දක්වා ද දැනට ගෙවනු ලබන නිවාස දීමනාව 100% ද ඉහළ නැංවීමට යෝජනා කරනවා.
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ දීමනා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදක, අතිරේක නීති කෙටුම්පත් සම්පාදක, නියෝජ්‍ය නීති කෙටුම්පත් සම්පාදක තනතුරුවල නිලධාරීන්ගේ විශේෂ 61
දීමනාව රු. 25,000 කින් ද ජ්‍යෙෂ්ඨ සහකාර නීති කෙටුම්පත් සම්පාදක සහ සහකාර නීති කෙටුම්පත් සම්පාදක නිලධාරීන්ගේ විශේෂ දීමනාව රු. 20,000 කින් ද ඉහළ නැංවීමට යෝජනා කරනවා. මෙම වැඩිවීමෙන් 50% ක් 2027 ජූලි මස සිට ද, ඉතිරි 50% 2028 වසරේ දී ද ගෙවීමට කටයුතු කරනවා. 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි හිමිකම ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රු. 10,000 සිට රු. 50,000 දක්වා ද ඉහළ නැංවනු ලබනවා.
අධිකරණ සහායක කාර්ය මණ්ඩල දීමනා අධිකරණ පද්ධතියේ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම සඳහා අධිකරණ සහායක කාර්ය මණ්ඩලය ඉටු කරනු ලබන කාර්යභාරය, ඔවුන්ගේ වැඩ ප්‍රමාණය සහ පැවරී ඇති වගකීම් සැලකිල්ලට ගනිමින්, එම නිලධාරීන්ට ගෙවනු ලබන අදාළ දීමනා 2027 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට ද කටයුතු කරනු ලබනවා.
සභා සහ ස්වාධීන කොමිෂන් සභා, අනෙකුත් කොමිෂන් සභා සහ ව්‍යවස්ථාපිත ආයතනවල මාසික දීමනා ස්වාධීන කොමිෂන් සභා සහ අනෙකුත් කොමිෂන් සභාපතිවරුන්ගේ සාමාජිකයන්ගේ මාසික දීමනා 2018 වසරේ සිට සංශෝධනය කර නොමැති බැවින් ද රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන හා රජය සතු සමාගම්වල සභාපති, විධායක අධ්යක්ෂ හා ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන්ගේ මාසික දීමනා 2015 වසරේ සිට වැඩි කර විසින් දරනු ලබන වගකීම සැලකිල්ලට ගනිමින් මාසික දීමනා 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට යෝජනා කරනවා.
නොමැති බැවින් ද ඔවුන් අනෙකුත් කොමිෂන් සභාවල සභාපති සහ සාමාජිකයන් සඳහා ගෙවනු ලබන මාසික දීමනා ඉහත අනුපාතයන්ට යටත්ව සංශෝධනය කරනවා.
ගරු කථානායකතුමනි, ඉහතින් සඳහන් කරන ලද මෙම දීමනා සංශෝධනය කිරීම සම්බන්ධ වැඩිදුර තොරතුරු තාක්ෂණික සටහනේ ඇතුලත් කර තිබෙනවා.
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සංශෝධනය ගරු කථානායකතුමනි.
විශ්‍රාම වැටුප් සංශෝධනය හා විශ්‍රාමිකයන්ට ලබාදෙන සහන • විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අතර පවතින විෂමතාවයන් ක්‍රමානුකූලව ඉවත් කරමින්, සියලු විශ්‍රාමිකයන්ට සාධාරණ හා විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහතික කිරීමේ අරමුණින් රජය අදියරගත විශ්‍රාම වැටුප් සංශෝධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටී. 2025 වසරේ පළමු අයවැය මඟින් 2020 වර්ෂයට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් 2020 මූලික වැටුප් පරිමාණයට අදියර තුනක් යටතේ පරිවර්තනය කිරීමට පියවර ගනු ලැබූ අතර, එහි පළමු හා දෙවන අදියර මේ වන විට සම්පූර්ණ කර ඇත. එහි අවසන් අදියර 2027 වසරේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය. 62
2025 වසරේ දී ක්‍රියාත්මක කරන ලද නව මූලික වැටුප් සංශෝධනය හේතුවෙන් 2025 වසරට පෙර විශ්‍රාම ගිය සහ 2025 වසරේ දී හෝ ඉන් පසුව විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අතර ඇති වූ පරතරය ද තිරසර රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සැලකිල්ලට ගනිමින් අදියරගතව අවම කර ඉවත් කිරීම රජයේ අරමුණ වනවා. 2020 සිට 2024 දක්වා කාලය තුළ විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ට, 2025 නව මූලික වැටුප් ව්‍යුහය යටතේ සිදු කිරීමට නියමිත විශ්‍රාම වැටුප් සංශෝධනය ක්‍රියාත්මක වන තෙක් සහනයක් වශයෙන් 2027 ජූලි 01 දින සිට මාසිකව රු. 2,500 ක අතුරු දීමනාවක් ලබාදීමට යෝජනා කරනවා. 2025 නව මූලික වැටුප් ව්‍යුහයට අනුව සිදු කෙරෙන ඉදිරි විශ්‍රාම වැටුප් සංශෝධනය 2028 අයවැයෙන් ආරම්භ කර අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම සංශෝධනය අදාළ විශ්‍රාමිකයන් වෙත ක්‍රියාත්මක කර සංශෝධිත විශ්‍රාම වැටුප ගෙවීම ආරම්භ කළ පසු, 2020 - 2024 අතර කාලය තුළ විශ්‍රාම ගිය අයවලුන් සඳහා යෝජිත උක්ත රු. 2,500 ක මාසික අතුරු දීමනාව ගෙවීම අවසන් වනවා.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ 02/2025, 03/2025, 04/2025, 05/2025 යටතේ වැටුප් තීරණය කරන ලද රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයින් සඳහා ද මෙම විධිවිධාන අදාළ වේ.
සියලු පියවරයන්හි සමස්ත අරමුණ වන්නේ විවිධ කාලසීමාවන්හි දී විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් අතර පවතින විශ්‍රාම වැටුප් පරතරයන් ක්‍රමානුකූලව අවම කරමින්, ඔවුන්ට සාධාරණ සහන සැලසීම සහ දිගුකාලීනව තිරසර විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කිරීමයි.