how-taxes-will-be-revised-in-the-2027-budget---the-full-story

36. බදු ප්‍රතිපත්ති යෝජනා 36.1 පුද්ගල ආදායම් බදු සහනය ඉහළ නැංවීම සහ අනුක්‍රමික බදු ස්ථර සංශෝධනය කිරීම ගරු කථානායකතුමනි, අප රජය විසින් 2025 වසරේ දී වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව රු.

මිලියන 1.2 සිට රු. මිලියන 1.8 දක්වා ඉහළ නංවනු ලැබුවා. මෙම පියවර මඟින් එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට මාසිකව අවම වශයෙන් රු. 3,500 ක සිට උපරිම වශයෙන් රු. 20,500 ක් දක්වා බදු සහනයක් හිමි වුණා.




පුද්ගල ආදායම් බදු ගෙවන්නන්ට තවදුරටත් සහන සැලසීම සඳහා වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව තවදුරටත් ඉහළ නැංවීමටත්, බදු අය කළ හැකි ආදායම් පරාසයන් පුළුල් කිරීම මඟින් පුද්ගල ආදායම් බදු ව්‍යුහය සංශෝධනය කිරීමටත් යෝජනා කරනවා.

මසකට රු. 100,000 ක් වූ බදු නිදහස් සීමාව රු. 150,000 ක් දක්වා වැඩි කිරීමට අපට හැකි වුණා.




යෝජිත සංශෝධන මඟින් එය රු. 162,500 ක් දක්වා තවදුරටත් ඉහළ නැංවෙනවා. ඒ අනුව, රු. 162,500 ක් දක්වා වන මාසික වැටුප් හා දීමනා ලබන කෙනෙක් තමන්ගේ වැටුපට බදු ගෙවිය යුතු වන්නේ නැහැ.

6% බදු අනුපාතය අදාළ වන බදු ස්ථරය මසකට රු. 70,833 ක් වන අතර, ඉන් අනතුරුව බදු ස්ථර මසකට රු. 41,667 සිට මසකට රු. 50,000 දක්වා පුළුල් වනවා. 6% අනුපාතයට පසු 18% වෙනුවට 12% අනුපාතය අදාළ කරමින් 6%, 12%, 18%, 24%, 30% හා 36% ලෙස බදු අනුපාත සකස් කෙරෙනවා.



උපරිම පුද්ගල ආදායම් බදු අනුපාතය අදාළ වන මාසික ආදායම් සීමාව රු. 358,000 සිට රු. 433,000 දක්වා ඉහළ නැංවෙන අතර, එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට මාසිකව අවම වශයෙන් රු. 750 ක සිට උපරිම වශයෙන් රු. 15,750 ක් දක්වා අතිරේක බදු සහනයක් හිමි වනු ඇත.

ඒ අනුව, 2025 වසරේ දී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ සහ 2027 වසර සඳහා යෝජිත සංශෝධනවල ඒකාබද්ධ ප්‍රතිඵලයක් ලෙස, අප රජය විසින් එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට ලබා දෙන සමස්ත මාසික බදු සහනය අවම වශයෙන් රු. 4,250 ක සිට උපරිම වශයෙන් රු. 36,250 ක් දක්වා ඉහළ නැංවෙනවා. 36.2 ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය ලත්, අපනයන අභිමුඛ නිෂ්පාදන සහ සංචාරක ව්‍යාපාර සඳහා වැඩි කළ ප්‍රාග්ධන දීමනා ගරු කථානායකතුමනි, පෞද්ගලික අංශයේ ආයෝජන දිරිගැන්වීම, අපනයන අභිමුඛ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම්ගතව ක්‍රියාත්මක වන ව්‍යවසායන් සඳහා ආයෝජන දිරිගැන්වීමක් ලෙස වැඩි කළ ප්‍රාග්ධන දීමනා හඳුන්වා දීමට යෝජනා කරනවා.

ඒ අනුව, අවම වශයෙන් ඩොලර් මිලියන 3 ක සුදුසුකම් ලත් ආයෝජනයක් සහිත, අපනයන අභිමුඛ නිෂ්පාදන හෝ සංචාරක සංවර්ධන කටයුතුවල නියැලී සිටින BOI අනුමත ව්‍යවසායන් සඳහා, දැනට පවතින දීමනා ක්‍රමය වෙනුවට, අවශ්‍යතා සපුරාලීම මත සුදුසුකම් ලත් ප්‍රාග්ධන වියදමෙන් 200% කට සමාන වැඩි කළ ප්‍රාග්ධන දීමනාවක් තෝරා ගැනීමට අවසර ලබා දීමට යෝජනා කරනවා. 36.3 අභ්‍යාස පොත් සහ මුද්‍රිත පොත් පත් සඳහා වැට් (VAT) බදු නිදහස් කිරීම ගරු කථානායකතුමනි, මුද්‍රිත පොත් සහ අනෙකුත් මුද්‍රිත ද්‍රව්‍ය 2024 ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බද්දට (VAT) යටත් වූ අතර, අභ්‍යාස පොත් ඊටත් පෙර සිටම එම බද්දට යටත්ව පැවතුණා.

අධ්‍යාපනයේ වැදගත්කම මෙන්ම අත්‍යවශ්‍ය අධ්‍යාපන ද්‍රව්‍ය දැරිය හැකි මිලකට ලබා දීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින්, අධ්‍යාපනය, දැනුම හා කියවීම සඳහා ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, පෙළපොත්, ශබ්දකෝ, විශ්වකෝෂ, ළමා චිත්‍ර හා රූප ඇඳීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ අනෙකුත් මුද්‍රිත පොත්පත් මෙන්ම අභ්‍යාස පොත් ද එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට අප යෝජනා කරනවා.

36.4 සිනමා ටිකට්පත් ආදායම මත වැට් බදු වගකීම ගණනය කිරීමේ පදනම සංශෝධනය කිරීම චිත්‍රපට කර්මාන්තය තුළ එකතු කළ අගය මත බද්ද සාධාරණ හා සමාන ලෙස අදාළ කිරීම සහතික කිරීමේ අරමුණින්, සිනමා ටිකට්පත් අලෙවියෙන් ලැබෙන ආදායම මත වැට් බදු වගකීම ගණනය කිරීමේ පදනම සංශෝධනය කිරීමට අප යෝජනා කරනවා.

අනුව, චිත්‍රපට නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, ජාතික චිත්‍රපට සංස්ථාව සහ සිනමාශාලා හිමියන්ගේ වැට් බදු වගකීම තීරණය කරනු ලබන්නේ, සම්පූර්ණ ටිකට්පත් වටිනාකම මත වැට් බදු ගණනය කිරීම වෙනුවට, එක් එක් අදියරේ දී එක් එක් පාර්ශවය වෙත ලැබෙන හෝ වෙන් කරනු ලබන සිනමා ටිකට්පත් ආදායම් කොටස මත පදනම්වය. 36.5 අලුතින් වැට් බද්දට ලියාපදිංචි වූ අපනයනකරුවන්ට 'සුදුසුකම් ලත් අපනයනකරුවන්' ලෙස ඉක්මනින් සුදුසුකම් ලැබීමට පහසුකම් සැලසීම ගරු කථානායකතුමනි, අපනයන අභිමුඛ ව්‍යාපාර සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, අලුතින් වැට් බදු සඳහා ලියාපදිංචි වන අපනයනකරුවන් සඳහා සුදුසුකම් ලත් අපනයනකරුවන් (Eligible Exporter) ලෙස සැලකීම සඳහා වන නිර්ණායක සංශෝධනය කිරීමට යෝජනා කරනවා.

දැනට පවතින, පෙර ලිත් වසරක කාලයක් සඳහා වන අවශ්‍යතාවය සපුරාලීමට අවශ්‍ය නොවන පරිදි, අලුතින් වැට් බදු ලියාපදිංචි වූ පුද්ගලයින්ගේ පෙර මාස හයක කාලය තුළ පිරිවැටුමෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනවලින් උපයා ඇති අවස්ථාවලදී, ඔවුන් සුදුසුකම් ලත් අපනයනකරුවන් ලෙස පිළිගැනීමට මෙමඟින් යෝජනා කරනවා. 36.6 විදේශ ව්‍යවහාර මුදලින් වන සැපයුම් සඳහා එකතු කළ අගය මත බදු ගණනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරූපිත විනිමය අනුපාතිකය භාවිත කිරීම

ගරු කථානායකතුමනි, විදේශ ව්‍යවහාර මුදල්වලින් නම් කර ඇති බදු අය කළ හැකි සැපයුම්වල අගය තක්සේරු කිරීමේදී වඩාත් විනිවිදභාවය, අනුකූලතාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා, වැට් බදු කටයුතු වෙනුවෙන් විදේශ ව්‍යවහාර මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නිරූපිත විනිමය අනුපාතිකය (Indicative Exchange Rate) භාවිත කිරීමට යෝජනා කරනවා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා (CGIR) විසින් චක්‍රලේඛයක් මඟින් එම විනිමය අනුපාතිකය අදාළ කරගන්නා ආකාරය නිශ්චිතව දක්වනු ඇත. 36.7 ජාත්‍යන්තර ප්‍රවාහනයේ නියැලෙන නැව් සඳහා සපයනු ලබන ඉන්ධන (Bunker Fuel) සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් (SSCL) නිදහස් කිරීම ගරු කථානායකතුමනි, ජාත්‍යන්තර ප්‍රවාහනයේ නියැලෙන නැව් සඳහා බංකර් ඉන්ධන සැපයීම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සේවා ක්ෂේත්‍රයේ වැදගත් අංගයකි. කර්මාන්තය ඉහළ තරගකාරී ජාත්‍යන්තර වෙළෙඳපොළක් තුළ ක්‍රියාත්මක වේ.

ක කර්මාන්තයේ තරගකාරීත්වය සුරැකීම සහ කලාපීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු ස්ථානය ශක්තිමත් කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර ප්‍රවාහනයේ නියැලෙන නැව් සඳහා ඉන්ධන සැපයීම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කරනවා. 36.8 ඔට්ටු ඇල්ලීමේ සහ සූදු ක්‍රීඩා කර්මාන්තයට අදාළ බදු ව්‍යුහය සමාලෝචනය කිරීම සහ තාර්කිකකරණය කිරීම ගරු කථානායකතුමනි, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු ක්‍රීඩා කර්මාන්තය සඳහා ඵලදායී නියාමන රාමුවක් ස්ථාපිත කිරීමේ දිගුකාලීන අවශ්‍යතාව සපුරාලමින්, රජය විසින් සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය ස්ථාපිත කර එහි කටයුතු ආරම්භ කර තිබෙනවා.

වන විට නියාමන රාමුව ක්‍රියාත්මකව පවතින බැවින්, කර්මාන්තයට අදාළ බදු, ගාස්තු සහ අය කිරීම් අතර පවතින ද්විත්ව අය කිරීම් හා නොගැළපීම් ඉවත් කිරීම, බදු ව්‍යුහය ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූල කිරීම සහ රජයේ ආදායම සුරක්ෂිත කරන අතරම කර්මාන්තයේ තිරසර සංවර්ධනයට සහාය වන සාධාරණ හා සමබර ප්‍රවේශයක් සහතික කිරීමේ අරමුණින්, එම බදු, ගාස්තු සහ අය කිරීම් පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට යෝජනා කරනවා.

මෙම සමාලෝචනය මඟින් පරිපාලනය කිරීමට සහ අනුකූල වීමට පහසු, සරල, විනිවිදභාවයෙන් යුත් සහ ඒකාබද්ධ බදු ව්‍යුහයක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂා කරනවා. 36.9 බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ බදු ගෙවන්නන්ගේ බදු අනුකූලතාව පහසු කිරීම ගරු කථානායකතුමනි, බදු පරිපාලනය ශක්තිමත් කිරීම, නීතිමය නිශ්චිතභාවය වැඩිදියුණු කිරීම සහ බදු ගෙවන්නන්ට බදු නීතිවලට අනුකූලව කටයුතු කිරීම පහසු කිරීමේ අරමුණින්, පවතින බදු නීතිවල ඇතැම් විධිවිධානවල පවතින අපැහැදිලිතා ඉවත් කිරීමටත්, වෙනස් වෙමින් පවතින ව්‍යාපාරික භාවිතයන්ට සහ නව ගනුදෙනු ස්වරූපයන්ට අනුකූල වන පරිදි එම විධිවිධාන සමාලෝචනය කර සංශෝධනය කිරීමටත් අප යෝජනා කරනවා.

තවද, තාක්ෂණික හෝ කාර්යපටිපාටිමය අවශ්‍යතාවලට අනුකූල නොවීම හේතුවෙන් බදු ගෙවන්නන්ට නීත්‍යානුකූලව හිමි විය යුතු බදු ආපසු ගෙවීම් හෝ යෙදවුම් බදු බැර අහිමි වීමට හේතු විය හැකි ඇතැම් දැඩි කාර්යපටිපාටිමය අවශ්‍යතා, රජයේ ආදායම ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂණ විධිවිධාන පවත්වා ගනිමින්, නැවත සමාලෝචනය කිරීමට ද යෝජනා කරනවා.

ම ක්‍රියාමාර්ග මඟින් ස්වේච්ඡා බදු අනුකූලතාව දිරිගන්වන, බදු ගෙවන්නන්ගේ නීත්‍යානුකූල හිමිකම් සුරක්ෂිත කරන සහ රජයේ ආදායම ආරක්ෂා කරන සාධාරණ, විනිවිදභාවයෙන් යුත් සහ කාර්යක්ෂම බදු පරිපාලන පද්ධතියක් ස්ථාපිත කිරීම අපේක්ෂා කරනවා. 36.10 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීම ගරු කථානායකතුමනි,

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාවට ඇතිවන ජීවන වියදම් පීඩනය අවම කිරීමේ අරමුණින්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්‍රෑමයකට රු. 100 සිට රු. 10 දක්වා ද, උම්බලකඩ සඳහා කිලෝග්‍රෑමයකට රු. 302 සිට රු. 10 දක්වා ද, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා කිලෝග්‍රෑමයකට රු. 50 කින් ද අඩු කිරීමට යෝජනා කරනවා. no බදු සංශෝධන 2026 නොවැම්බර් මස 13 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 36.11 ආනයන තීරුබදු අදියරෙන් අදියර අඩු කිරීම

ගරු කථානායකතුමනි, ආනයන බදු ව්‍යුහය සරල කිරීම, වෙළෙඳාමට අදාළ පිරිවැය අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින්, ආනයන තීරුබදු අදියරෙන් අදියර අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, තෝරාගත් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS) පේළි 800 කට අදාළ දැනට පවතින සෙස් (CESS) බදු අනුපාත 25% කින් අඩු කිරීමට යෝජනා කරනවා.

නිශ්චිත HS කේත යටතේ වර්ගීකරණය කර ඇති පුවත්පත් මුද්‍රණ කඩදාසි ආනයනය සඳහා දැනට අයකරන 10% ක වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද (PAL), 2027 ජනවාරි පළමුවන දින සිට ඉවත් කිරීමට යෝජනා කරනවා. 36.12 දේශීය සීනි කර්මාන්තයට වෙළෙඳපොළේ තරග කිරීමට සහාය දීම දේශීය සීනි කර්මාන්තය ආරක්ෂාව වෙනුවෙන් දේශීයව නිෂ්පාදනය කරන සීනි සහ ආනයනික සීනි අතර පවතින බදු විෂමතාව අවම කරමින්, දෙපාර්ශ්වයටම සමාන තරගකාරී අවස්ථා සහ සාධාරණ තරගකාරී පරිසරයක් ඇති කිරීමට සහ වඩාත් මධ්‍යස්ථ හා සමාන බදු සැලකීමක් සහතික කිරීම සඳහා ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 10 කින් වැඩි කිරීමට ද යෝජනා කරනවා. 36.13 සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීම ගරු කථානායකතුමනි, සංචාරක කර්මාන්තය මත පවතින බදු බර අඩු කිරීම, එහි තරගකාරිත්වය ඉහළ නැංවීම සහ සංචාරක සංවර්ධනය සඳහා තිරසර මූල්‍ය පහසුකම් සහතික කිරීමේ අරමුණින්, සංචාරක ආයතනවල පිරිවැටුම මත දැනට අය කරනු ලබන සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීමට යෝජනා කරනවා.

සංචාරක ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩව අරමුදල් සැපයීම සහතික කිරීම පිණිස සුදුසු මූල්‍යන ක්‍රමයක් සකස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරනවා. ඒ වන තෙක් අවශ්‍ය අරමුදල් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය විසින් කරන ඉල්ලීම් මත භාණ්ඩාගාරය විසින් සපයනු ලබනවා. 36.14 සුරාබදු ආඥා පනතට සංශෝධන ආදායම් කළමනාකරණය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් සියවස් ගණනක් පැරණි සුරාබදු ආඥා පනත වෙනුවට නව සුරාබදු පනතක් හඳුන්වා දීමට 2025 අයවැය මඟින් යෝජනා කළා.

කෙසේ වූවද, නව පනතක් හඳුන්වා දෙන තුරු, ම සංකීර්ණ ක්‍රියාවලිය තවදුරටත් සරල කර දැනට පවතින ආඥා පනතටම සංශෝධන ඇතුළත් කිරීම මඟින් සුරා බදු ආඥා පනතට සංශෝධන යෝජනා කරනවා.

ගෙන ඒමට අප 37. ණය ගැනීමේ සීමාව 2027 මූල්‍ය වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පතෙහි ණය ගැනීමේ සීමාව ඇමුණුම IV හි ඉදිරිපත් කර තිබෙනවා. අදාළ වියදම් යෝජනා සාරාංශය ඇමුණුම II හි දක්වා තිබෙනවා. තවද, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ අයවැය දෙවන වර කියවීම සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන ද සභාගත කර තිබෙනවා. 38. 2027 දිට්වා හානි ප්‍රතිසංස්කරණ සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව දිට්වා හානි ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තුව අනුමත කළ රු. බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවෙන් මැදපෙරදිග යුධමය වාතාවරණය ඇතුළු හේතූන් මත වන විට උපයෝජනය නොවූ ප්‍රමාණය 2027 වසරට ප්‍රතිපාදන ලෙස වෙන් කිරීමට යෝජනා කරනවා. දිට්වා ප්‍රතිසංස්කරණ කටයුතු නිසි පරිදි නිම කිරීමට 2027 වසර සඳහා යළිත් රු. බිලියන 260 ක අයවැය ප්‍රතිපාදන සලසා ගත යුතුව තිබෙනවා.

ඒ අනුව, මා ඉදිරිපත් කළ 2027 අයවැයට අමතරව දිට්වා ප්‍රතිසංස්කරණ වියදම් සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ, 16 වන වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට යෝජනා කරනවා.

එම පරිපූරක ඇස්තමේන්තුව අද දින අයවැය කථාවෙන් අනතුරුව සභාගත කිරීමට යෝජනා කරනවා.