මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 වර්ෂය සඳහා වන අයවැය කථාව සාරාංශගත Text වාර්තාකරණය පහතින් පළවේ. (අලුත් update සඳහා පිටුව Refresh කළ යුතු බව සලකන්න)
ඩිජිටල් ක්ෂේත්රයේ පරිවර්තනයක් සඳහා මිලියන 28500 ක් වෙන්කරනවා.
තෝරා ගත් පාසල් සිසුන් සඳහා බ්‍රෝඩ්බෑන්ඩ් වව්චර් පතක් පිරිනමනවා.
ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරී සේවයන් ඩිජිටල් කරණය කිරීමට කටයුතු කරනවා.
2030 වන විට සෑම ගමකටම සන්නිවේදනය සැපයීමට සඳහා මිලියන 9000ක්. අධිවේගී සන්නිවේදන කුළුණු ඉදිකිරීමේදී පෞද්ගලික අංශයට රජයෙන් ප්‍රදානයක් ලබාදෙනවා.
3.05
ඩිජිටල් ආර්ථික පනතක් පිහිටුවනවා.2027 වසරේදී සයිබර් ආරක්ෂණ අධිකාරියක්. ඩිජිටල් මිලදී ගැනීම් සඳහා නව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හඳුන්වාදෙනවා.
කෘතිම බුද්ධිය වෙනුවෙන් විශිෂ්ඨතා කේන්ද්‍රය විජේරාම පාරේ සුප්‍රකට මන්දිරයේ පිහිටුවනවා.
ජනාධිපති ඩිජිටල් විශිෂ්ඨතා සම්මාන වැඩසටහනක් පවත්වනවා.
3.00
ජලාශ දහයක සූර්ය පැනල පද්ධති ස්ථාපිත කරයි.රාජ්‍ය හා පෞද්ගලික සහායෙන් එය සිදුකෙරෙනවා. අඛණ්ඩ විදුලි සැපයුමක් සාධාරණ මිලකට ලබා දෙනවා
කටුනායක ගුවන් තොටුපොළ මගීන්ට අමතරව සේවා සපයන ගුවන්තොටුපොළක් බවට පරිවර්තනය කරනවා.
ඉන්ධන ගබඩා ධාරිතාව දින හතළිස් පහක් දක්වා වැඩි කරනවා
තෙල් පිරිපහදු කිරීමේ ධාරිතාව ඉහළ නැංවීම තුළින් ඉදිරියේදී තෙල් මිල පහත දැමීමට හැකිවේවි.
වරායේ සිට කොලොන්නාවට යොමු කරන නල පද්ධතිය වසර ගණනාවක් පැරණි එකක් ඒ තුළින් පැය 96 ක් පමාවන තෙල් පැය 48 කින් පටවන්නට නව නල පද්ධතිය තුළින් හැකිවෙනවා.
2.55
මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් කැණීමට ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුව ඉඩම් කට්ටි ලබාදෙනවා. ඉන්ධන ගබඩා කිරීම දින 45ක සීමාවක් දක්වා ලබන ජුනි වන විට වැඩිවෙනවා.
ජලාශ 10කින් මෙගාවොට් 500ක පාවෙන විදුලි බලාගාර පද්ධති.මේක ඒළියේ හදන්න ගියොත් අක්කර 1250ක් පමණ යනවා. ඉඩම් භාවිතය අඩුවෙනවා. මෙහිදී ජලාශවල ජල පෘෂ්ඨයෙන් භාවිත වන්නේ සියයට 10ටත් අඩු ප්‍රමාණයක්.
විදුලි ඒකක 180ට වැඩි භාවිත කරන පාරිභෝගිකයන් ලක්ෂ 3ට සුහුරු මීටර් ලබාදෙනවා.
2.50
විදුලි ජාල පද්ධතියේ ආරක්ෂණයට රුපියල් බිලියන 26.5ක ආයෝජනයක් කරනවා
වහල මත සූර්ය පැනල පාරිභෝගිකයන්ට බැටරි ගබඩා සහනාධාර සපයනවා. බැටරි ගබඩා සඳහා කිලෝ වොට් 1 ට 25000 සහනාධාරයක් හා 5000 කට ආසන්න ආනයන බදු නිදහස් කිරීමක් කරනවා.
දහවල් කාලයේ ලැබෙන අතිරික්ත විදුලිය ගබඩා කිරිමට බැටරි ගබඩා පහසුකම් ස්ථාපිත කරනවා. 2029 වන විට බැටරි ගබඩා බලශක්තිය මෙගාවොට් 1240ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා.
නොරොච්චෝලේ බලාගාරයට මේගා වොට් තිහක බැටරි ගබඩා පද්ධතියක් සිදුකර ඉදිරි ගැටලු කළමනාකරණය කරනවා.
රේගුවේ ස්කෑන් පද්ධති පුළුල් කිරීම සඳහා ස්ථිර ස්කෑන් යන්ත්‍ර හා කන්ටේනර් ස්කෑන් කිරීමේ යන්ත්‍ර ලබා ගැනීමට රුපියල් මිලියන දහසක් වෙන් කරනවා.
2.40
ඉන්දියාව සමග පවතින නිදහස් වෙළඳ ගිවිසුම පුළුල් කරනවා.
චිනය සමග නව නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කර ගන්නවා. වෙනත් රටවල් සමගත් නව වෙළඳ ගිවිසුම්වලට එළඹෙනවා.
තොරාගත් භාණ්ඩ කිහිපයක් වෙනුවෙන් තනි වෙළඳ කවුලුවක් පිහිටුවනවා. මෙය ශක්තිමත් කිරීමට තවත් රුපියල් මිලියන 1290ක් වෙන්කරනවා.
ආයෝජන ගෙන්වන්න වෙනමම සමාගමක් පිහිටුවනවා. එහි සේවය කරන අය විශේෂ වැටුප් තලවල පිහිටුවනවා.
විදෙස් රාජ්‍යයන් සමඟ නව වෙළෙඳ ගිවිසුම්.
ආනයන අපනයනකරුවන් සඳහා තනි වෙළෙඳ කවුළුවක් සඳහා මිලියන 1990ක්
ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව විශේෂ සමාගමක්
සූදු නියාමන අධිකාරිය මේ වන විටත් පිහිටුවා තිබෙනවා.විශේෂඥ උපදෙස් පරිදි නියාමන කොන්දේසි අප සකස් කරනවා.
කම්කරුවා හා ස්වාමිත්වය අතර බැඳීම අලුත් කරන නීති පද්ධතියක් පාර්ලිමේන්තුවට ගෙන එනවා
2.34
අණ පනත් නීතිවල විශාල වෙනසක් සිදුකරන්න අප බලාපොරොත්තු වෙනවා.
නිෂ්පාදන බදු සහන පනත ඉක්මනින් සංශෝධනය කරනවා. මුදල් ව්‍යාපාර පනත සංශෝධනයට
ජාතික සංඛ්‍යා ලේඛන පනත කෙටුම්පත් කිරීම අරඹනවා..
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව පනත 2027 මුල පාර්ලිමේන්තුවට ගේනවා.
ආයෝජන ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
එමිරේට්ස් ගුවන් සේවයට එක් රැයකින් යන්න කිව්වා. එටිසලාට් වලටත් ඒ්ක වුණා. ඒ නිසා ආයෝජකයින් ආරක්ෂාවට පනත් සම්මත කරනවා
ණය කොපමණද කියා නොදන්නා රටක් තිබුනේ.අප ඒ සියලු වාර්තා නිවැරදිව ඉදිරිපත් කරනවා. ශුද්‍ර මූල්‍ය ණය අධිකාරිය 2027 දී ස්ථාපිත කරනවා.
ආර්ථික පරිවර්තනය සඳහා මෙම නීති රාමුව ශක්තිමත් කරනවා
දත්ත හා තොරතුරු ඉතාමත් වැදගත්. නමුත් අපිට දත්ත නෑ. ජාතික සංඛ්‍යාලේඛණ පනතක් ගේනවා. රේගු ආඥා පනත සංශෝධනය කරනවා.
2.30
2027 මාර්තු වලින් පස්සේ අයි.එම්.එෆ් වැඩසටහන සාර්ථකව නිමා කරනවා. නැවත වැඩසටහනකට එළැඹීමේ යෝග්‍යතාවය සොයා බැලීමට කමිටුවක් පත් කර තිබෙනවා.
ලබන වසරේ ප්‍රාග්ධන වියදම් වලට රුපියල් බිලියන 2000ක්
මධ්‍යකාලීන ආර්ථික ඉලක්කය සියයට හතක් හෝ ඊට ඉහළින් පවත්වා ගන්නවා
බදු පදනම පුළුල් කිරීම ,බදු නිදහස් කිරීම සහ බදු පරිපාලනය ඩිජිටල් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා.
රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය අඛණ්ඩව පවත්වා ගැනීමට අප කටයුතු කරනවා. අයවැය හිඟය සියයට පහකට වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යනවා
ඉලක්කගත සමාජ ආරක්ෂණ වැඩසටහනක් තවදුර ක්‍රියාතමක වෙනවා
අපේ ඉලක්කය ආර්ථික පරිවර්තනයක් අත්පත් කර ගැනීමයි.
අපේ නීතිමය රාමුව වෙනස් කරනවා. අපේ සමහර නීති අවුරුදු 100කට වඩා පරණයි.
2.20
විනිවිද භාවයෙන් යුත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කළ යුතුයි.
බලශක්ති වෙළඳ පොළ තුළ ස්ථාවරත්වය ඇති කළ යුතුයි. පුනනර්ජනනීය බලශක්තිය පුළුල් කළ යුතුයි.
ඵලදායි නොවන ඉඩම් ඵලදායි කටයූතු සඳහා යෙදවිය යුතුයි.
මධ්‍යම රජයේ ණය ප්‍රමාණය අඩුවෙනවා වගේම ආසන්නම ණය ගෙවීමට ශක්තිමත් ද්‍රවශීලතාවක් තිබිය යුතුයි. 2032 වන විට රාජ්‍ය ණය ප්‍රමාණය සියයට 95ක් දක්වා අඩුවිය යුතුයි.නමුුත් ඒය සියයට 87ක් දක්වා අඩුවෙනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.
නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් 2027 අයවැය සකස් කර තිබෙනවා. ආයෝජනය කරන හැම රුපියලකම බලපෑම සලකා බලනවා.
රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය අඛණ්ඩව පවත්වා ගැනීමට අප කටයුතු කරනවා. අයවැය හිඟය සියයට පහකට වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යනවා
රාජ්‍ය සේවය සාම්ප්‍රදායික ගති ලක්ෂණවලින් පිරිලා. එවැනි දෙයකින් පරිවර්තනයක් ඇතිකර ගන්න බැහැ.
රාජ්‍ය යාන්ත්‍රණය නවීකරණය කරනවා.ජනතාවට වග කියන විනිවිද භාවයෙන් යුතු රාජ්‍ය සේවයක් ගොඩ නගනවා
ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරනවා. අපනයන තරගකාරීත්වය සහ විදෙස් විනිමය ධාරිතාව ඉහළට.
ඵලදායි නොවන ඉඩම් ඵලදායී වගාවන්ට. ග්‍රාමීය මට්ටමේ නව ආර්ථික පරිවර්තනයක්
වෙනස් වෙන ගෝලීය වෙළඳපොළට සරිලන නිපුණතා තරුණ පරපුරට ලබා දෙනවා.
-- හැඳින්වීම අවසන්---
2.12
ශ්‍රී ලංකන් එයාර්ලයින් බර තවදුරටත් භාණ්ඩාගාරයට දරන්න හැකිද යන කාරණය සිතා බැලිය යුතුයි. ශ්‍රී ලංකන් අලාභය රුපියල් බිලියන 528 ක් බව කිව යුතුයි. මෙය හිටපු පාලකයකුගේ උද්දච්ච තීන්දුවක් නිසා වූ අවාසනාවන්ත අලාභයක්.
අලාභ ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත්කර ගැනීමට අපට හැකි වුණා.
ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරනවා. අපනයන තරගකාරීත්වය සහ විදෙස් විනිමය ධාරිතාව ඉහළ යාමට මගක් පෙනී යනවා.
අද මෙම යෝජනා තුළින් ඵලදායි නොවන ඉඩම් ඵලදායී වගාවන්ට. ග්‍රාමීය මට්ටමේ නව ආර්ථික පරිවර්තනයක්
වෙනස් වෙන ගෝලීය වෙළඳපොළට සරිලන නිපුණතා තරුණ පරපුරට ලබා දෙනවා.
නිෂ්පාදන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම අපේ අරමුණයි.
හදිසියේ භාවිතයට ගැනීමට මුදල් සංචිතයක් භාණ්ඩාගාරයට තිබිය යුතුයි. රටේ මූල්‍ය ශක්තිය විදේශ සංචිත තර කර ගැනීම සඳහා යොදාගත යුතුයි.
1.50
හැඳීන්වීම ----
ආර්ථික ස්ථාවරත්වයක සිට පරිවර්තනයකට රට යොමු කිරීම මෙවර අයවැයේ මූලික අරමුණක්. ඉකුත් දෙවසරේ සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමට අපට හැකියාව ලැබුණා. අයවැයේ උපාය මාර්ගික සැලසුම් හතක් තිබෙනවා. හදිසියේ භාවිතයට ගැනීමට මුදල් සංචිතයක් භාණ්ඩාගාරයට තිබිය යුතුයි. ආර්ථික සංවර්ධන වේගය අතින් ලංකාව ලොව දස වැනි තැනට පත්ව ඇත.
ආර්ථික පරිවර්තනය යනු තවත් වියදම් ලැයිස්තුවක් නොවේ. රටේ උද්ධමනය 8.3ක් ලෙස වාර්තා කර තිබෙනවා. 2026 වසරේදී යලිත් ඉහළ මැදි ආදායම් රටක් ලෙස ලංකාව වර්ගීකරණය කර තිබෙනවා. ශ්‍රී ලංකන් එයාර්ලයින් බර තවදුරටත් භාණ්ඩාගාරයට දරන්න හැකිද යන කාරණය සිතා බැලිය යුතුයි. ශ්‍රී ලංකන් අලාභය රුපියල් බිලියන 528 ක් වන බව දන්වා සිටිමි. අලාභ ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත්කර ගැනීමට හැකි වුණා. ගිය වසරේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 8.1ක් බවට පත් කර ගැනීමට හැකි වුණා.