roshan-shades-murder-updates

ඝාතනයට ලක්වූ කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතා බෞද්ධ ධර්ම ප්‍රචාරණ නාලිකාවක් වන ශ්‍රද්ධා TV නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරමින් සිටි අයෙකු බව වාර්තාවේ. මේ අතර ඔහු ඝාතනයෙන් පසු ඔහු ගේ අතුරුදන්ව තිබූ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ ගරාජයකින් සොයාගෙන තිබෙයි.


ඔහුට අයත් KE 9998 අංකය දරන මෝටර් රථය මෙලෙස හමුවී තිබේ.මීගමුවේ ගරාජයට යුවළක පැමිණ මෙය භාරදී ඇති අතර එයින් පසු ඔවුන් රටින් පිටව යන බව දැනුම්දී තිබී ඇත.
ඝාතනයට ලක්කරන අවස්ථාවේ ව්‍යාපාරිකයාගේ පසුම්බියේ තිබූ ක්‍රෙඩිට් කාර්ඩ් පැහැරගෙන ඉන්දුනීසියාවට යාමට ගුවන් ටිකට්පත් 5 ක් මිලටගෙන තිබූ බව හා කටුනායක ඩියුටි ෆ්‍රී සාප්පුවෙන් ලක්ෂ 5 ක පමණ භාණ්ඩ මිලටගෙන තිබූ බව මින් ඉහත අනාවරණය විය.
ඝාතනය සිදුවූ බවට සැකකරන්නේ 30 වනදා රාත්‍රී වන අතර ඝාතකයින් රටින් පළාගොස් ඇත්තේ 31 වනදා බව මේ වනවිට තොරතුරු අනාවරණය වේ. පළාගොස් ඇති 5 දෙනා ගැන තොරතුරු මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය සොයාගෙන ඇති අතර ජාත්‍යන්තර පොලිසියේද සහායෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුවේ.
ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) දිනයේ සිදුකිරීමට නියමිතය.



පෙර වාර්තා