
2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙයි.
ඒ අනුව මැතිවරණ කොමිසම පවසන්නේ පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට කටයුතු යොදා තිබේ.
ලබන 15 වැනිදා තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම සිදු කෙරෙන අතර නිල ඡන්ද දැන්වීම් කාඩ්පත් තැපෑලට භාරදීම ලබන 19 වැනිදා සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට අදාල ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval