amarakeerthi-athukorala-murder-updates

පසුගියදා නිට්ටඹුව ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ මරණය සිදු කළ බවට සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන්
දෙදෙනෙකුම ආරක්ෂක අංශ වල සිට විශ්‍රාමගිය අය බව හෙළි වී ඇතැයි පොලි මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි.29 හැවිරිදි බස් රථ රියදුරෙක් ප්‍රධාන සැකකරු ලෙස අද අත්අඩංගුවට පත්විය.


මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයා වශයෙන් සේවය කළ පොලිස් සැරයන්වරයාගේ ගිනි
අවිය මෙම අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු සතුව තිබී සොයාගෙන ඇති අතර එහි මැගසිනයද ඔහු සතුව තිබී ඇත. මන්ත්‍රීවරයා මැයි 09 වන දින නිට්ටඹුවේදී හා බාහිර ප්‍රකෝපකාරී ජනතාවට මැදි වීමෙන් පසු පලාගොස් සැඟවී සිටි ගොඩනැගිල්ලකදී ඔහුගේ සහ ඔහුගේ ආරක්ෂකයාගේ මළ සිරුරු හමු වී තිබුණි.


ඔවුන් පැනයන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන මාධ්‍ය හරහා විකාශය වූ අතර එම වෙඩි තැබීමෙන් තරුණයන් දෙදෙනෙකු මිය ගියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මරණය වෙඩි තබා සියදිවිනසාගැනීම නිසා සිදුවූවක් බවට
තොරතුරු පැතිරී ගිය ද මරණ පරීක්ෂණවලින් හෙළි වූයේ පහර දීම නිසා සිදු වූ අභ්‍යන්තර හානි නිසා ඔහු මිය ගොස් ඇති බවත් ඔහුගේ ශරීරයේ කිසිඳු වෙඩි සලකුණක් නොමැති බවත් ය.
සැකකරුවන් තිදෙනා මැයි 20 අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධියට අදාළ පෙර වාර්තා