List-of-74-MPs-whose-property-was-damaged

ශ්‍රී ලංකාවේ පසුගිය දා ඇති වූ නොසන්සුන්තාව අතරතුර විනාශ වී ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දේපළ පිළිබඳ ලැයිස්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් නිකුත් කර තිබේ.
එම ලැයිස්තුව පහතින්



  1.     මහින්ද රාජපක්ෂ – වීරකැටිය නිවසට හානි. මාපිය ස්මාරක ඇතුළු කෞතුකාගාරය විනාශ කර ඇත. පියාගේ පිළිරුව විනාශ කර ඇත.
  2.     දිනේෂ් ගුණවර්ධන – බොරළුගොඩ කාර්යාලයට ගිනි තබා ඓතිහාසික ලිපි ලේඛන විනාශ කරයි. කිරුළපන නිවසට හානි.
  3.     රමේෂ් පතිරණ – ගාල්ල නිවසට ගිනි තබයි.
  4.     ප්‍රසන්න රණතුංග – නිවස, කාර්යාලය, රැස්වීම් ශාලාව, යතුරුපැදි සහ වාහන 03කට ගිනි තබා තිබෙනවා.
  5.     විමලවීර දිසානායක – නිවසට සහ පුතාගේ නිවසට හානි
  6.     මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – ගාල්ල සහ රත්ගම නිවාස දෙකකට ගිනි තබා තිබෙනවා. රත්ගම කාර්යාලයට ගිනි තබා තිබෙනවා.
  7.     විදුර වික්‍රමනායක – නිවසට, කාර්යාලයට සහ වාහන 03කට අලාභ හානි සිදුවී ඇත.
  8.     ෂෙහාන් සේමසිංහ – නිවසකට හා වාහන තුනක් ගිනි තබා තිබෙනවා.
  9.     කනක හේරත් – නිවාස 02ක්, කාර්යාලයක් සහ වාහන 04ක් ගිනි තබා තිබෙනවා
  10.     කාංචන විජේසේකර – නිවසේ එක් මහලකට ගිනි තබා ඉතිරි කොටස සහ වාහන 03කට හානි
  11.     තේනුක විදානගමගේ – බස් රථ දෙකකට ගිනි තබා ගොඩනැගිලි දෙකකට හානි.
  12.     නාලක ගොඩහේවා -ගම්පහ කාර්යාලයට සහ නිවසකට ගිනි තබයි.
  13.     චන්න ජයසුමන -අනුරාධපුර කාර්යාලයට ගිනි තබා තිබෙනවා.
  14.     නසීර් අහමඩ් -නිවස, කාර්යාලය, කර්මාන්ත ශාලා 02ක්, කඩයකට සහ ආපන ශාලාවකට ගිනි තබා ඇත.
  15.     අරුන්දික ප්‍රනාන්දු – නිවස, කාර්යාලය, වාහනය ගිනි තබයි.
  16.     සනත් නිශාන්ත – නිවස, කාර්යාලය, යතුරුපැදි 03ක්, ට්‍රැක්ටර් 02ක් සහ ත්‍රිරෝද රථ 01ක් ගිනි තබා තිබෙනවා.
  17.     තාරක බාලසූරිය – නිවසක් සහ වාහන 03ක් ගිනි තබා තිබෙනවා.
  18.     ඉන්දික අනුරුද්ධ – වාහන 2ක්, යතුරුපැදි, කාර්යාල 02ක්, නිවාස 02ක් ගිනි තබා තිබෙනවා.
  19.     සිරිපාල ගමලත් – ගිරිතලේ නිවසට සහ කාර්යාලයට ගිනි තබයි.
  20.     අනුරාධ ජයරත්න – ගම්පොළ කාර්යාලයට හානි වෙලා.
  21.     D.V චානක -තංගල්ල කාර්යාලයට හානි.
  22.     සිසිර ජයකොඩි – කාර්යාලයට හානි වුණා.
  23.     ප්‍රසන්න රණවීර -නිවස, වාහන 06ක් සහ කාර්යාලයට ගිනි තබා ඇත
  24.     ඩී.බී. හේරත් – වාරියපොළ නිවසට ගිනි තබයි
  25.     සීතා අරඹෙපොල – වාහන 2කට සහ නිවසට අලාභහානි සිදු කර ඇත
  26.     රෝහණ දිසානායක – නිවසට හානි
  27.     ශාන්ත බණ්ඩාර – නිවස, යතුරුපැදි 03 ක්, ජීප් 01 ක් සහ ත්‍රිරෝද රථ 01 ක් ගිනි තබා තිබෙනවා. වගා හානි වී තිබෙනවා.
  28.     පියල් නිශාන්ත ද සිල්වා – නිවසට අලාභහානි
  29.     අශෝක ප්‍රියන්ත – නිවාස 02ක් සහ වාහන 14ක් ගිනි තබා ඇත. ව්‍යාපාරික ස්ථානයට හානි සිදුවී ඇත
  30.     සුමිත් උඩුකුඹුර – නිවාස 02ක් සහ වාහන 01ක් ගිනි තබා ඇත. තවත් වාහනයකට හානි සිදු විය
  31.     අකිල සාලිය එල්ලාවල – නිවසට, කාර්යාලයට සහ වාහන 02කට හානි


  32.     ලලිත් එල්ලාවල – කාර්යාලයට හානි
  33.     ජගත් කුමාර සුමිත්‍රආරච්චි – කාර්යාලයට හානි
  34.     නාලක කෝට්ටේගොඩ නිවස ගිනි ගනී. කාර්යාලයට සහ වාහන 03කට (රජයේ වාහන 01ක් ඇතුළුව) හානි සිදු විය
  35.     කෝකිලා ගුණවර්ධන – නිවසට, සහෝදරයාගේ නිවසට සහ වාහන 02කට ගිනි තබා තිබෙනවා.
  36.     මිලාන් ජයතිලක – නිවසට වාහන 01ක් සහ යතුරුපැදි 05ක් ගිනි තබා තිබෙනවා
  37.     ඉසුරු දොඩංගොඩ – මවට අයත් ජීප් රථයට හානි
  38.     ප්‍රේම්නාත් දොලවත්ත – නිවසට හානි
  39.     එච්. නන්දසේන – නිවසට හානි
  40.     එස්.එම්. චන්ද්‍රසේන – නිවසට, කාර්යාලයට, ශ්‍රවණාගාරයට සහ ව්‍යාපාරික ස්ථාන වලට හානි
  41.     මහින්දානන්ද අලුත්ගමගේ – නාවලපිටිය කාර්යාලයට අලාභ හානි සිදුවී තිබෙනවා
  42.     රෝහිත අබේගුණවර්ධන – කාර්යාල 02ක්, නිවාස 02ක් සහ යතුරුපැදි 01ක් ගිනි තබා තිබෙනවා.
  43.     නාමල් රාජපක්ෂ – බිරිඳගේ නිවසට ගිනි තබා තිබෙනවා
  44.     රොෂාන් රණසිංහ – ‘පොළොන්නරුවේ නිවසට හානි කර උපකරණ සොරකම් කළා. වාහන දෙකකට හානි
  45.     ශෂීන්ද්‍ර රාජපක්ෂ – සෙවනගල නිවසට ගිනි තබයි.
  46.     ජයන්ත කැටගොඩ – නිවසට සහ සහෝදරයාගේ නිවසට හානි
  47.     අමරකීර්ති අතුකෝරල – නිවස ගිනිගෙන ඇත. වාහනයට හානි වී ඇත. මන්ත්‍රීවරයා ඝාතනය කර තිබෙනවා
  48.     සම්පත් අතුකෝරල – නිවසට අලාභහානි කර කාමර 02කට ගිනි තබා ඇත
  49.     ජානක තිස්සකුට්ටිආරච්චි – නිවසට හානි සිදුවී ඇත
  50.     පියුම් අනුප පාස්කුවල් – මතුගම පිහිටි ඔහුගේ නිවසට අලාභහානි සිදු කර ඇත.
  51.     චින්තක අමල් මායාදුන්න – ඔහුගේ නිවසට සහ කාර්යාලයට හානි.
  52.     නිපුන රණවක – කාර්යාලයට හානි.
  53.     අලි සබ්රි රහීම් – නිවාස 02ක්, කාර්යාලයක්, කැබ් රථ 01ක්, යතුරුපැදි 08ක් සහ ව්‍යාපාරික ස්ථාන ගිනි තබා ඇත.
  54.     අජිත් රාජපක්ෂ – බස් රථයකට හානි.
  55.     ගුණතිලක රාජපක්ෂ – කාර්යාලයට හානි.
  56.     උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ – ඔහුගේ නිවසට හානි.
  57.     රාජිකා වික්‍රමසිංහ – යටියන්තොට නිවසට හානි.
  58.     සහන් ප්‍රදීප් විතාන – නිවසට හානි වෙලා.
  59.     ඩී වීරසිංහ – නිවසට සහ යතුරුපැදියකට ගිනි තබා ඇත.
  60.     කපිල අතුකෝරල – නිවසට අලාභහානි.
  61.     ගීතා කුමාරසිංහ – නිවාස 02ක් සහ වාහන 03ක් ගිනි තබා ඇත.


  62.     ගුණපාල රත්නසේකර – නිවස ගිනි තබයි
  63.     චමල් රාජපක්ෂ – මාගම නිවස, තිස්ස නිවස, මැදමුලන නිවස, තිස්ස කාර්යාලය ගිනි තැබුවා
  64.     ජොන්ස්ටන් ප්‍රනාන්දු – සියලුම නිවාස, වාහන, කාර්යාල, ව්‍යාපාරික ස්ථාන ගිනි තබා අලාභහානි කළා.
  65.     ගාමිණී ලොකුගේ – නිවාස 03ක්, වාහන 02ක්, කාර්යාල 02ක් ගිනි තබා තිබෙනවා.
  66.     බන්දුල ගුණවර්ධන -නිවාස දෙකකට සහ වාහන දෙකකට හානි
  67.     ජනක බණ්ඩාර තෙන්නකෝන් – දඹුල්ල නිවසට ගිනි තබයි
  68.     සී බී රත්නායක – හරස් පාරේ කාර්යාලයට ගිනි තබා තිබෙනවා
  69.     කෙහෙළිය රඹුක්වැල්ල – නිවස ගිනි තබා ඇත.
  70.     සමන්ප්‍රිය හේරත්ගේ නිවස, කාර්යාලය සහ වාහනයට ගිනි තබා ඇත
  71.     ලලිත් වර්ණ කුමාර මංජු – නිවසට සහ කාර්යාලයට හානි සිදුවුණා
  72.     චන්දිම වීරක්කොඩි – හපුගල පිහිටි නිවසට සහ කාර්යාලයට ගිනි තබා තිබේ
  73.     නිමල් ලංසා – නිවස, වාහනය සහ ව්‍යාපාරික ස්ථාන ගිනි තබා හානි කිරීම.
  74.     පියංකර ජයරත්න – මාදම්පේ නිවසට හානි.