slfp-maithripala-duminda-amaraweera

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් නව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේ පක්ෂ තීන්දුවට පටහැනි ලෙස යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව  දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. නමුත් දේශපාලන ආරංචි වලින් සැක මතුවන්නේ සත්‍ය ලෙසම එලෙස පක්ෂ නායකත්වයට පටහැනිව නොගොස් ආශිර්වාදය ඇතිවම ගොස් රටට වෙන කතාවක් පවසන්නේය යන්නයි.


 නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස්දෙනකු ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී ඇමැතිකම් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා තිබේ.. නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ ජගත් පුෂ්පකුමාර යන අය මෙසේ ගිය අතර ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ කැබිනට් අමාත්‍ය ධූර 2ක් පමණක් ලබා දිය හැකි බවත්, නියෝජ්‍ය අමාත්‍ය ධූර 3ක් ලබා දිය හැකි බවත්ය.

ප්‍රවීනත්වය සලකා නිමල් සිරිපාලද සිල්වා මහතාට  කැබිනට් අමාත්‍ය නිතැතින්ම හිමිවුවද අනෙක්  අමාත්‍ය ධූරය සදහා මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක  අතර තරගයක් හටගෙන තිබූ අතර කැබිනට් ගන්නවාද නියෝජ්‍ය ගන්නවාද යන්න එම ගැටුමයි.
 ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මෙම සාකච්ඡාව ගැන දැන සිටියත්නොදන්නා සේ සිටි බවද වාර්තා විය.
මෛත්‍රීපාල සිරිසේන සහ දයාසිරි ජයසේකර ශ්‍රීලනිපය ආණ්ඩුවට එක්වී කිසිසේත්ම අමාත්‍ය ධූර ලබා ගත යුතු නැති බව රටට කියන්නට තීන්දු කර ඇත.



අද මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී කියා සිටියේ වත්මන් අර්බූදය හමුවේ මුලු පාර්ලිමේන්තුවම එක්වීමට තිබූ අවස්ථාවක් මන්ත්‍රීවරුන් බිලිබාගෙන විනාශ කර  ඇති බවකි. ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් පක්ෂයෙන් ඉවත් කළ අවස්ථාවේ කලබලවූ අය ඒ වරදම නැවත කරමින් හැසිරීම ගැටලුවක් බව සිරිසේන මහතා පවසා තිබේ.