ජාතික ඉන්ධන අවසරපත හෙවත් 'National Fuel Pass' සඳහා https://fuelpass.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ QR කේත ලබාදීම දැන් ආරම්භ කර තිබේ. මින් ඉහත 2022 වසරේ ලියාපදිංචිවී ඇති වාහන සඳහා පෙර QR කේතයම වලංගු වන අතර එය නැවත ලබාගැනීමට මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් පසු තමන්ගේ දුරකථන අංකයට ලැබෙන otp අංකය තහවුරු කර එය ලබාගත හැකිය.
කෙසේ වෙතත් දුරකථන අංකයක් වෙනස්වී තිබේනම් හෝ වාහන අංකය වෙනස්වී තිබේනම් නව ලියාපදිංචියකට යා යුතු අතර නව ලියාපදිංචි වීමේ කටයුතු නුදුරේදී ම ආරම්භ වීමට නියමිත බව වෙබ් අඩවියේ දක්වා ඇත.නව ලියාපදිංචියකට යාමට පෙර ජනතාව විසින් අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් එහි සඳහන් කර තිබේ. ඒ අනුව, ලියාපදිංචි වීමේදී මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි සඳහන් කර ඇති ආකාරයට ම ඉංග්‍රීසි කැපිටල් සහ සිම්පල් අකුරු පිළිබඳව සැලකිලිමත් වෙමින් චැසි අංකය නිවැරදිව ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය වේ. මීට අමතරව, 'ශ්‍රී' අක්ෂරය සහිත පැරණි වාහන අංක ඇතුළත් කිරීමේදී අදාළ තීරුව තුළ ඉලක්කම් පමණක් යෙදීමට කටයුතු කළ යුතු අතර, උදාහරණයක් ලෙස '3 ශ්‍රී 1234' යන්න '3 1234' ලෙස පමණක් ඇතුළත් කළ යුතුය.
පද්ධතිය තුළ වාහන වර්ගය තෝරාගැනීම ද මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ සහතිකයේ සඳහන් වර්ගීකරණයට පමණක් අනුකූලව සිදුකළ යුතු වේ. යතුරුපැදි, ත්‍රීරෝද රථ, කාර්, වෑන් (ද්විත්ව කාර්ය වාහන), බස් රථ, ලොරි සහ කෘෂිකාර්මික වාහන ඇතුළු විශේෂිත කාර්ය වාහන ආදී වශයෙන් මෙම ප්‍රමිතිගත වර්ගීකරණයන් පවතින අතර, එක් වාහනයක් සහ එක් ජංගම දුරකථන අංකයක් සඳහා භාවිත කළ හැක්කේ එක් ජාතික හැඳුනුම්පත් අංකයක් හෝ ගමන් බලපත්‍ර අංකයක් පමණක් බව ද අවධාරණය කෙරේ. කෙසේ වෙතත්, මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සඳහා පුද්ගලයෙකු විසින් ලබාදෙන හැඳුනුම්පත් අංකය, නම හෝ ලිපිනය වාහනයේ ලියාපදිංචි අයිතිකරුගේ තොරතුරු සමඟ අනිවාර්යයෙන්ම ගැළපීම අවශ්‍ය නොවන බව බලධාරීන් පෙන්වා දී ඇත.
රජයේ ආයතන, සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙනත් සමිති සමාගම් සතු වාහන ලියාපදිංචි කිරීම ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කාණ්ඩය හෙවත් BRN යටතේ සිදු කළ යුතු වේ. මෙහිදී ආයතනික වාහන කිහිපයක් ලියාපදිංචි කිරීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය යටතේ අදාළ ආයතනයට අනන්‍ය වූ කේතයක් අක්ෂර හෝ ඉලක්කම් භාවිතයෙන් නිර්මාණය කරගත යුතු අතර, එම කේතය ආයතනයේ සියලුම වාහන සඳහා පොදුවේ භාවිත කළ යුතුය. එසේම, මෙම කාණ්ඩය යටතේ බහු වාහන සංඛ්‍යාවක් සඳහා එක් ජංගම දුරකථන අංකයක් භාවිත කිරීමට ද අවස්ථාව සලසා දී තිබේ. ජාතික විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ තීරණයකට අනුව වාහන කාණ්ඩය මත පදනම්ව සතිපතා ලබාදෙන ඉන්ධන කෝටාව වෙනස් වන අතර,
මෙම ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් ගැටළුවක් හෝ වැඩිදුර සහයක් අවශ්‍ය වන්නේ නම් '1919' කෙටි අංකය ඇමතීමෙන් එය ලබාගැනීමට ජනතාවට හැකියාව පවතී.