there-is-oil-until-the-end-of-april

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළත් ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000ක ප්‍රමාණයක් රැගත් නෞකාවක් හෙට (16) දිනයේදී ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතව තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ.

රාජකරුණා මහතා සඳහන් කළේ මෙම මාසය ඇතුළත තවත් එවැනි ඉන්ධන නෞකා තුනක් දිවයිනට පැමිණෙනු ඇති බවයි. ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවලින් අදාළ සියලුම නෞකා මෙරටට පැමිණීමට නියමිතව ඇත.




ලබන අප්‍රේල් මාසයේ අවසානය දක්වා රටට අවශ්‍ය කරන සම්පූර්ණ ඉන්ධන තොග මේ වනවිටත් ඇණවුම් කර අවසන් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙන්වා දෙයි. එලෙස රැගෙන එනු ලබන ඉන්ධන තොග සඳහා ගෙවීම් සිදු කරනු ලබන්නේ ඒවා මෙරටදී ගොඩබාන අවස්ථාවේ පවතින වෙළෙඳපොළ මිල ගණන්වලට අනුකූලව බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.


 QR කේතය හඳුන්වාදී ඇත්තේ තෙල් හිඟයකින් තොරව එදිනෙදා කටයුතු පවත්වා යාමේ උවමනාවෙන් වන අතර මෙහිදී යම් යම් සීමාවන්ට යටත්ව ඉන්ධන ලබාදීම නිසා ඇතැම් අයට දෛනික අවශ්‍යතා ඉටුකරගැනීමේදී අපහසුතාවන්ට ලක්වීම වළක්වනු බැරි කාරණාවක් බවට පත්ව තිබේ. පෙර සූදානමක් සිදුකර තොග රැස්කිරීම වැළැක්වීමට 15 ඉරිදා පාන්දර 6 සිට QR ක්‍රමය විශේෂ නිවේදනයකින් අනිවාර්ය කළත් ඊට අදාළ ලියාපදිංචි කටයුතු මන්දගාමීවීම නිසා අලුතින් වාහන ගත් ලක්ෂ ගණනක්වූ පාරිභෝගිකයින්ට ගැටලු මතුකර ඇත. ඉන්ධන හල් හිමියන් QR ක්‍රමය සක්‍රීය වනතුරු තම බෙදාහැරීම් නවතා ඇති අයුරුද දක්නට ලැබේ.

මේ අතර, රට තුළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ඉදිරියටත් ක්‍රියාත්මක වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පවසයි. එහෙත් ඊට පරස්පර අදහසක් පළ කරන ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ සංගමය චෝදනා කරන්නේ, නිසි අයුරින් තොග පවත්වාගෙන නොයාම හේතුවෙන් මෙරට පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් සියල්ලම පාහේ මේ වනවිට සිය බෙදාහැරීම් සීමා කර ඇති බවයි.




කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අවධාරණය කළේ ඉදිරි මාසය අවසන් වන තුරුම රටට ප්‍රමාණවත් තරම් ඩීසල් තොග තම සංස්ථාව සතුව පවතින බවයි. පෞද්ගලික සමාගම් විසින් අදාළ ඩීසල් ඇණවුම් කිරීම් සීමා කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ සාකච්ඡාවක් පවත්වමින් පියවර ගන්නා බව ද හෙතෙම ප්‍රකාශ කළේය.