a-power-cut-is-imminent

රට තුළ උද්ගතව ඇති ඉන්ධන හිඟය හේතුවෙන් මේ දක්වා විදුලි සැපයුම අත්හිටුවීමක් සිදු කර නොතිබුණත්, ඉදිරි කාලයේදී යම් නිශ්චිත වේලාවකට විදුලිය කප්පාදු කිරීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.




අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27 (2) යටතේ සභාවේදී මතු කරන ලද පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

මේ වන තෙක් කිසිදු අයුරකින් එක් පැයක හෝ විදුලි කප්පාදුවක් සිදු නොකර තත්ත්වය පාලනය කරගෙන යාමට රජය සමත් වී ඇති බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසීය. එසේ වුවද, පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ යම් හෙයකින් අනාගතයේදී විදුලිය විසන්ධි කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගත වීමේ හැකියාවද බැහැර කළ නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.