අද (02) දින වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ පිහිටි පොලිස් දහන උදුනකදී, නඩු කටයුතු අවසන් කර විනාශ කිරීමට නියමිතව තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 170ක් විනාශ කරන ලදී.
මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම සිදු කෙරුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක.එස්. බෝදරගම මහතාගේ සෘජු අධීක්ෂණය යටතේය.
ඊට පෙර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අද උදෑසන භාර දෙනු ලැබීය.
ඒ අනුව, පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ, මෙම මත්ද්‍රව්‍ය තොගය වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත පොලිස් දහන උදුන වෙත රැගෙන ගොස් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුණි.