power-shift-updates-sri-lanka

02.30 pm Update
මහින්ද බැහැයි කියනවා - දිනේෂ්


පසුගිය දිනවල මාධ්‍ය වාර්තා මගින් හෙළි කර සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ අද (4) සිය ධූරයෙන් ඉවත්වීම සම්බන්ධ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදු කරන බවකි. නමුත් තවදුරටත් තනතුර අත්නොහරින බව අගමැතිවරයා අද දින ප්‍රකාශ කර තිබේ. ඔහු එය කියා ඇත්තේ පාර්ලිමේන්තු සභාව අතරවාරයේ අද පැවති ආන්ඩු පක්ෂ රැස්වීමේදීය.


එහිදී තමන් අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් නො වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසුවේ යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේය.
 ජනමාධ්‍යවේදින් සිදු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව තහවුරු කළේය.
 ඊයේ හවස විපක්ෂය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහි ව භාර දුන් විශ්වාසභංග යෝජනා හේතුවෙන්  අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ සැලැසුම වෙනස් වූ බව දෙශපාලන ආරංචි වාර්තා කර තිබේ.


11.50 am Update
1990 සුවසැරිය ළඟදීම නවතාදමන්නට සිදුවන තත්වයක් මතුව ඇතැයිද ඒ සඳහා වියදම් සොයාගන්නට බැරිව ගොස් ඇතැයි සභාපතිවරයා තමාට දන්වා ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේය. මෙයට කඩිනම් විසඳුමක් අවශ්‍ය බව කීය.

මුදල් ඇමතිවරයා කියා සිටි ආකාරයට ලංකාවට දැන් ඉතිරිව තිබෙන්නේ ඩොලර් මිලියන 50 ක් පමණක් බවත් එය බංකොලොත්භාවයෙනුත් පහතට වැටී ඇති තත්වයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේය.


11.30 am Update
සුමාන දෙකක් ඇතුළත රටේ වෙනසක් ගැන තීරණය කළ යුතුයි රනිල් වික්‍රම සිංහ හිටලු අගමැති කථාවක් පවත්වමින් කියා සිටියේය.


10.45 am Update
පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිවරයාගේ කතාවෙන් පසු පිලිතුරු කතාවක් විපක්ෂ නායක ආරම්භ කර තිබේ.

10.45 am Update
රජයේ වෙනසක් සිදු කිරීම සම්බන්ධයෙන් නීතිවේදී සංගමයේ යෝජනා අනුව කටයුතුකළ යුතු බව අලි සබ්‍රි මහතා දන්වා සිටියේය.

ජුනි ඉවර වෙනකං තෙල් ගන්න සල්ලි තියනවා ඊට පස්සෙ බලන්න ඕන - මුදල් ඇමති  කියා සිටියේය. වැඩි විස්තරය මෙතැනින්
10.30 am Update
ආර්ථික තත්වය ගැන පැහැදිලි කිරීමක් කරමින් මුදල්ඇමති අලි සබ්‍රි මහතා රජය සිදු කළ වැරදි ගැන පාපොච්චාරණයක් කළේය. වැඩි විස්තර මෙතැනින්

10.20 am Update
පාර්ලිමේන්තු සභාවාරය ආරම්භවී තිබේ. මේ වනවිට ආර්ථික තත්වය ගැන පැහැදිලි කිරීමක් කරමින් මුදල්ඇමති අලි සබ්‍රි මහතා කථාවක් පවත්වමින් සිටී.

9.55 am Update
අද දින පාර්ලිමේන්තු සභාවාරයේදී අගමැති මහින්ද රාජපක්ෂ සිය තනතුර සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ලබාදෙන බවට ආරංචි පළව ඇති අතර පාර්ලිමේන්තුව තව ටික වේලාවකින් ආරම්භ වීමට නියමිතය.



6.00 am Update
කොළඹ පදනම් ආයතනයේහි ඊයේ (3) දූෂණ විරෝධී හඩ මගින් පවත්වන්නට යෙදුණ රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ දක්වා හෙළිව ඇති සහ අධිකරණය වෙත යොමු කළ වංචා දූෂණ රැසක් හෙළි කළ අතර අද වනවිට ඒ හෙළිකිරීම් වල තමා සම්බන්ධ කියූ දේ වැරදි යයි දක්වමින් නීති මගට එළැඹෙන බවට අජිත් නිවාඩ් කබ්රාල් දන්වා ඇත. නාමල් රාජපක්ෂද තමන් සම්බන්ධ නැති දේවල් කියැවුණැයි පවසා ඇත.



12.00 am Update
මේ වනවිට ගෝටාගෝගොම උද්ඝෝෂණ, මයිනාගෝගම උද්ඝෝෂණ පක්ෂ මට්ටමින් සිදු කරන විරෝධතා, දීප ව්‍යාප්ත වැඩ වර්ජන, සංඝ නයකයින්ගෙන් එල්ලවී ඇති බලපෑම් හමුවේ ජනපති අගමැති ප්‍රමුඛ රජය දුර්වල කර ඇති අතර වැඩ වර්ජන වලින් බේරීමට, පාර්ලිමේන්තු බහුතරය අහිමිවී යාමට උපායන් යෙදීමට වැනි විකල්ප ක්‍රම සොයා යාමට පමණක් රජය උනන්දුවී තිබේ.