parliament-protest-12-arrested

අද(4)  දින පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාවයක දී පුද්ගලයින් 12දෙනෙකු පොලීසිය විසින්
අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.


එම පිරිස “විශ්වාසභංගයට සහාය ලබාදෙන්න…” යනුවෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ජයන්තිපුර ප්‍රවේශ මාර්ගයේ එම විරෝධතාවයේ නියැලී තිබේ. අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් එම උද්ඝෝෂකයින්ගෙන් කිහිපදෙනෙක්ව අ ත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවක දී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණි.

මාර්ගයේ ගමන් ගන්නා ජනතාව අපහසුතාවයට පත්වීම හා වාහනවලට හානි කිරීම සම්බන්ධයෙන් ඔවුන් එලෙස අ ත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඇතිවූ කලබලකාරී තත්වය ගැන මනුෂ නානායක්කාර මහතා කතානායකවරයා දැනුවත් කළ අතර එම අවස්ථාවේ කතානායකවරයා කියා සිටියේ තමන් ඒ ගැන සොයා බලන බවකි.