ali-sabri-speaks

මුදල් ඇමති අලි සබ්‍රි මහතා අද දින පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වමින් කියා සිටියේ වැට් බද්ද සියයට 15 සිට 8 දක්වා මෙම රජය ආරම්භයේදීම සිදු කළ වෙනස  ඓතිහාසික වැරැද්දක් බවයි.


එසේම අයිඑම්එෆ් එකට මීට පෙර යන්න තිබුනා යයිද කීය.
රුපියල මීට පෙර පාවෙන්න අරින්න තිබුණා යයිද  ණය ප්‍රතිව්‍යුහගතකිරීම නිසි වෙලාවට නොකළා යයිද කීය.


මෙම වෙනස්කම් සිදුවෙද්දී තමා එම අවස්ථාවේ නොසිටි බවත් ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් මෙම වරද නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවූ බවත් මෙම වරද තමා පිලිගන්නා සේම මෙවැනි වැරදි පෙර ආන්ඩුත් සිදු කර ඇතැයි කීය. දසදහසකින් රජයේ සේවක පඩි වැඩි කිරීමද එවැන්නක් යයි දක්වා සිටියේය.


ටැක්ස් රේට් එක අපි අඩු කරපු එක ඓතිහාසික වැරැද්දක් යයි අලි සබ්‍රි මහතා දන්වා සිටි අවස්ථාවේ විපක්ෂය මහ හඩින් ඒ ගැන කථාකළ නමුත් සබ්‍රි මහතා ඒවා යටපත්කරමින් කථා කලේය.
 සබ්‍රි මහතා වැඩිදුරටත් කියා සිටියේ කවුරු ආවත් මේ ප්‍රශ්න අවුරුදු 2 කින් හදන්න බැහැ අවුරුදු 10 ක් වත් යාවි ලෙසිනි.