ali-sabri-speaks

අද දින පාර්ලිමේන්තුවේ මුදල් ඇමති අලි සබ්‍රි මහතා සිදු කළ කතාවේදී ශ්‍රී ලංකාවේ දැන් පවති ආර්:sක අර්බුදය සම්බන්ධයෙන් කරුණු ගණනාවක් අනාවරණය කළේය. ඔහු පවසා සිටි ආකාරයට ලබන ජුනි මස අග දක්වා පාවිච්චි කිරීමට ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් ප්‍රමාණවත් වුණත් ඉන් පසු සිද්ධ කරන්නේ කුමක්ද යන්න තවම අවිනිශ්චිත බව දන්වා සිටියේය.




කෙටි කාලිනව මෙය විසඳීම සඳහා
ඉන්දියාව ඇඩො 500 ක තෙල් ගන්න සල්ලිදුන් බවත් ඉන් 400 ක් වියදම් කර 100 ක් ඉතිරි බවත් අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා වෙනම බිලියනයක ණයක්දුන් බවත් ඉන් 200 ක් ඉන්ධන සඳහා යෙදවූ බවත්  ඉදිරියට තවත් 500 ක් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති බවත් පැහැදිලි කළ සබ්‍රි මහතා ජුනි අවසානයෙන් පසු ඒ ඉන්ධන සියල්ල අවසන් වනු ඇතැයිද කීය. ඉන්පසු අපැහැදිලි තත්වය විමර්ශනය කරන බවත්
මහ බැංකු අධිපති ඇතුළු කණ්ඩායමක් මේ ගැන සොයා බලමින් සිටින බවත් දන්වා සිටියේය.