peshala-manoj-speaks

සමාජ මාධ්‍ය වෙත විඩියෝවත් නිකුත් කරමින්  නිවේදක පේෂල මනෝජ් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී යොෂිත රජපක්ෂගේ ෆයිල් එක අතට ගෙන මධ්‍ය ඉදිරියේ කියවු දේ පිළිබඳ හා විමල් ගම්මංපිල වෙනස ගැන මෙලෙස සිය අදහස් දක්වා තිබුනා.





" පළවෙනි වතාවට අද මරු දෙයක් දැක්කා. ඒ අනුර කුමර මහතා සහ JVP එකේ කට්ටිය එකතුවෙලා ප්‍රෙස් එකක් තියලා අර ඔක්කොම දුෂණ, වංචා ලියකිවිලි ටික එළියට දාලා තිබුනා. එක මරු. කවුරු හෝ මොන පක්ෂයේ හෝ වේවා ඒ විදියට විනිවිදව යන්න පුළුවන් නම් අපිට මාර විදියට මේ රට දියුණු කරන්න පුළුවන්. ඒ දවස් වල ආයුබෝවේවා මහරාජාණනි කිය කිය කකුල් ලෙව කකා තමයි ලංකාවේ සමහර කලාකරුවෝ ,මිනිස්සු හැසිරුණේ. නමුත් මේ වේලාවේ මේ ඇති වෙලා තියන තත්ත්වය පිළිබඳ මම හරි සංතෝෂයි. මොකද කෙහොමහරි බ්ලාස්ට් වෙලා මේ රට හොඳ තැනකට එන්න ඕනේ. මේ රටට වරදින්නේ නැ. අනිත් දේ තමයි දැන් මේ අන්තර්වාර ආණ්ඩු එක එක ඒවා කියනවනේ. මම දැක්කා විමල් , ගම්මන්පිල ආයිත් ගිහිල්ලා නිකන් පවුල සමාදාන වෙලා වගේ ලයින් එකක් තියනවා.එත් ගෝල්ෆෙස් එකේ කියන්නේ Gota go home ,රාජපක්ෂලා go home. ආපහු නිමල් සිරිපාල සිල්වා හරි නැත්තම් ඩලස් අලහප්පේරුම හරි අගමැති කරලා ආයිත් අර සෙට් එක දන්න හදනවා. ඒ මොනවද ඒ.ඕගොල්ලෝ හිතුමා මේ රටේ මිනිස්සු ගොන්නු කියලා.තව කෙලවන්නේ නැතුව යන්න. "