WHO-names-endangered-South-African-corona-species-Omicron

සිකුරාදා පැවැත්වූ හදිසි රැස්වීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දකුණු අප්‍රිකාවෙන් සොයාගත් කොරෝනා වෛරසයේ B.1.1.529 නව ප්‍රභේදය Omicron (ඔමික්‍රොන්) ලෙස නම් කර ඇත.
 නව වෛරසය ප්‍රකාශයට පත් කරමින් WHO ‘නව විශේෂ ප්‍රභේදයක්‘ ලෙස එය ලේබල් කළේ එහි හැසිරීම අනුව ඉදිරියේදී ඇතිවිය හැකි වියවුල ගැන උපකල්පණය කරමිනි.

මෙම නාමකරණයට පසුබිම් වන්නේ ග්‍රීක ඉලක්කම් නාමාවලියයි. මින් ඉහත ඇල්ෆා බීටා ගැමා හා ඩෙල්ටා ආදී නාමකරණයන් ඒ සඳහා යොදාගත් අතර ඔමික්‍රොන් යනු ග්‍රීක ඉලක්කම්වල 70 අගයයි. ඕ අකුරු දෙකක් එහි සංකේතවත් කෙරේ.

 එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පැවසුවේ ලැබී ඇති කරුණු මත පදනම්ව මෙම ඔමික්‍රෝන් වසංගතය අන් කවර ඒවාටත් වඩා ඉතා භයානක විය හැකි බවයි.


 දකුණු අප්‍රිකාවේ සහ බොට්ස්වානා හි නව කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් අවදානම වැඩි වෙමින් පවතී. බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් බොට්ස්වානා හි සොයාගත් නව ප්‍රභේදය ගැන ද අනතුරු ඇඟවීය. එහි විකෘති 32 ක් ඇති අතර, එම නිසා එන්නත පවා එයට එරෙහිව ඵලදායී නොවේ. මෙම ප්‍රභේදය එහි ස්පයික් ප්‍රෝටීනය වෙනස් කිරීමෙන් වේගයෙන් ව්‍යාප්ත වේ.
 සිකුරාදා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීමෙන් පසු, සංවිධානයේ ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මේයර් පැවසුවේ, මූලික විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ මෙම ප්‍රභේදයේ බොහෝ විකෘති සිදුවන බවයි. එය තවදුරටත් අධ්‍යයනය කළ යුතුයි. එහි බලපෑම අපට තේරුම් ගැනීමට සති කිහිපයක් ගතවනු ඇත. පර්යේෂකයන් මෙය වඩාත් අවබෝධ කර ගැනීමට කටයුතු කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නව ප්‍රභේදය සම්බන්ධයෙන් ලොව රටවල රජයන්ට මාර්ගෝපදේශ නිකුත් කරනු ඇත, එවිට ඔවුන්ට ඉදිරි ක්‍රියාමාර්ග ගත හැකිය.
 දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රොන් ප්‍රභේදය ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. හොංකොං සහ බොට්ස්වානා වලින් පසුව, සිකුරාදා ඊශ්‍රායලයේ සහ බෙල්ජියමේ නව ප්‍රභේදයෙන් ආසාදිත පුද්ගලයින් සොයාගෙන ඇත.
බෙල්ජියමේ, ඊජිප්තුවේ සිට තුර්කිය හරහා සිය රටට පැමිණි තරුණියක් දින 11 කට පසු රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර, ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, නිරෝධායනයට ලක්ව සිටින විදේශයක සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ සොයාගෙන ඇත.

බෙල්ජියම් අගමැති Alexandre de Crew නව ප්‍රභේදය හඳුන්වා දීමෙන් පසු සති තුනක කාලයක් රට තුළ රාත්‍රී සමාජශාලා වසා දමා ඇති අතර, බාර්-ආපනශාලා විවෘත කරන වේලාවන් ද සීමා කළේය.

අතර ප්‍රංශය දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන සියලුම ගුවන් ගමන් පැය 48කට අත්හිටුවා තිබේ. ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් සිකුරාදා ප්‍රකාශ කළේ සමහර අප්‍රිකානු රටවල නව කොරෝනා ප්‍රභේදයක් සොයා ගැනීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි.

දකුණු අප්‍රිකාවේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය පැවසුවේ - මේ වන විට රට තුළ මෙම ප්‍රභේදයේ අවස්ථා 22 ක් සොයාගෙන ඇති බවයි.
නව ප්‍රභේදයේ අන්තරාය සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍යය දැනට අප්‍රිකාවේ රටවල් 6 කින් පැමිණෙන ගුවන් ගමන් තහනම් කර ඇත. මේවාට දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසෝතෝ සහ එස්වාටිනි ඇතුළත් වේ.

දකුණු අප්‍රිකාවට සහ ඉන් පිටවන පුරවැසියන්ගේ සංචාර තහනම් කිරීමට ජර්මනිය ද තීරණය කර තිබේ. ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් සිකුරාදා පැවසුවේ  සිකුරාදා රාත්‍රියේ සිට අප්‍රිකාව අවට රටවලට සංචාරය තහනම් බවය.
 (ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)