An-elephant-was-electrocuted-and-secretly-buried

විදුලි අලි වැටක් හරහා අධිබල විදුලි සැර වද්දවා ඇතකු ඝාතනය කර රහසේ වල දමා තිබි සොයාගත් පුවතක්
පුත්තලම කල්අඩිය හයේ කනුව ප්‍රදේශයේ ඉඩමකින් වාර්තාවේ.
 පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පැවසුවේ වගාබිමකට වෙනත් පුද්ගලයකුගේ නිවසකින් නීති විරෝධිව ලබා ගෙන තිබු විදුලිය විදුලි අලි වැටකට සම්බන්ධ කර තිබියදි විදුලි සැර වැදි දින ගණනාවකට පෙර එම ස්ථානයෙදීම  ඇතා මරණයට පත්ව තිබි ඇති බවයි.


එය වසං කිරීමට ඉඩමේ හිමිකරු ඇතුළු තවත් කිප දෙනෙකු ඇතාගේ සිරුර ඉඩමට යාබද ස්ථානයක වළ දමා ඇති බව පැවසේ.
මේ පිළිබදව පුත්තලම වනජීවි කලාප කාර්යාලයට ලැබුන තොරතුරකට අනුව අදාළ ඉඩම පරික්ෂා කිරීම සදහා සෝදිසි වරේන්තුවක් ලබා පරික්ෂා කිරිමේදි ඇතා වළදමා තිබියදි සොයා ගන්නා ලදි.

ඉඩමේ හිමිකරු වනජීවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතාගේ උපදෙස් හත ඇතාගේ සිරුර ගොඩ ගෙන පරික්ෂණ කටයුතු කිරීම සිදු කරනු ලැබීය.

අධි බල විදුලි ධාරවකින් ඇතා මරණයට පත්ව ඇති බව එහිදි අනාවරණය වී ඇත.
ඇතාගෙ දළ යුගල වනජීවි භාරයට ගත් අතර අත් අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.