sudath-samaraweera-legal

වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු එම ඒකකයේ වගකිව යුත්තන්ට එරෙහිව නිතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පොලිස්පතිවරයා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ලෙන් කියා ඇත්තේ
පසුගිය දිනවල කොරෝනා මරණ ගණන් වැරදියට වාර්තාකර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීම පැහැර හැර තිබූ බවයි.
ඔහුගේ කණ්ඩායම ඉදිරිපත් කළ වැරදි දත්ත පදනම්ව රට අනතුරට ලක්වූ බවද ජාතික ආරක්ෂාව අනතුරට පත් කරන ලදැයිද චෝදනා කර ඇත.


රජයේ රැකියාවක් කරන්නෙකු ලෙස ජනතාවට සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීමෙන්  ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 289 වගන්තිය යටතේ වැරද්දක් සිදු කර ඇති බවට නීතීඥවරයාගේ එම පැමිණීල්ලෙන් දක්වා ඇත.
වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළ තොරතුරු අනුව මිය ගිය අය සත්‍ය වශයෙන්ම කොරෝනා වයිරසයෙන් මිය ගිය අය ද යන්න සහ ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන නිවැරදි ඒවාද යන්න විමසා බලමින් මෙම පරීක්ෂණයක් කරන ලෙද ඉල්ලා ඇත.

පසුගියදා ජනපති සමග පැවති සාකච්ඡාවකදී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සඳහන් කළේ මෙම වැරදි තොරතුරු සැපයීම කුමන්ත්‍රණයක ප්‍රතිඵල බවයි.


සම්බන්ධිත පෙර වාර්තා
  • වැරදියට කොරෝනා මරණ ගණන් කළැයි වෛද්‍ය සුදත්ට මාරුවක්
https://www.gossiplankanews.com/2021/06/sudath-samaraweera-transfered.html
  • කොරෝනා පාලනයට තොරතුරු නිසි වේලාවට නොදීම ගැන වෛද්‍ය සමරවීරට මාධ්‍යවේදිනිය බැණ වදී
https://www.gossiplankanews.com/2021/04/sudath-samaraweera-media.html

  • ඇත්ත හංගන සුදත් සමරවීර එක්ක බැහැ -GMOA
https://www.gossiplankanews.com/2021/05/sudath-samaraweera-gmoa.html

  • කොරෝනා දත්ත සඟවන බවට වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීරට චෝදනා
https://www.gossiplankanews.com/2021/05/padeniya-samaraweera.html