sudath-samaraweera-media

පසුගිය අප්‍රේල් 08 වනදා සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වූ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ මාධ්‍ය හමුවේදී ජනතාවට ඉදිරිය ගැන බියක් නැති බව කියමින් නිසි මගපෙන්වීමක් නොකර කොරෝනා බියක් නැති ආකාරයට අදහස් දැක්වීම නිසා ඇතිවූ ව්‍යසනකාරී තත්වය 

හා තොරතුරු සැගවීම මගින් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න විමසමින් ඊයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීරට මාධ්‍යවේදිනියක වේගවත් වචන හුවමාරු කළාය.
ඇය කියූ දේට නැවත නැවත පිලිතුරු දෙමින් අපට පුලුවන් ආකාරයට තමා පාලනය කරන්නේ යයි වෛද්‍යවරයා පැවසූ අතර ආවේගවත්ව මේ ප්‍රශ්න ගැන කතා කළ නොහැකි යයිද කීය.
කොරෝනා සම්බන්ධ පිහිටුවා ඇති වෙබ් අඩවි යාවත්කාල වන්නේ නැති බවත් අඩුතරමේ ආසාදිතයින්ගේ වයස් සීමාවන් ගැන තොරතුරු පවා ජනතාව දැනුවත් නොකරන බවත් ඇය කළ චෝදනාවක් විය. එසේම සෞඛ්‍ය සම්බන්ධ ප්‍රධාන ධාරාවේ ගැටලුවක් රටේ පැවතියදී කිිසිදු අවස්ථාවක වසංගත රෝග විද්‍යා අංශය මාධ්‍ය මගින් අමතන දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදෙන බවද ඇය චෝදනා කළාය.‍
මට හරියට කෝල් එනවා. සමහරවිට එකම වෙලාවෙ කෝල් දෙකක් එතකොට වෙන්නැති මග ඇරෙන්නේ යයි වෛද්‍යවරයා ඊට පිලිතුරු දුන්නේය.

වීඩියෝව පහතින්