https://www.gossiplankanews.com/2019/10/jackson-statement.html#more
"පාතාල දේශපාලනයට මතවාදී අදහස් වැඩක් නෑ" යන ශීර්ෂපාඨය යටතේ පසුගිය 18 වැනිදා ලංකාදිප පත්‍රයේ රසවින්දන” අතිරේකයේ පළවූ ලිපිය සම්බන්ධයෙන් තතු පැහැදිලි කරමින් ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා එම පුවත්පතට ලිපියක් යවා අද එය පළ කරතිබේ.  එහි මෙසේ සඳහන්වේ .
පුවත්පත් අතිරේකයේ පළවූ මගේ අදහස පිළිබදව අන්තර්ජාලය ඇවිස්සී තිබේ. විවිධ පක්‍ෂවාදීහු මගේ ප්‍රකාශය තම තම ඕනෑ එපාකම් මත ගලපාගන්නට
වැර දරති. එහෙයින් මට ඒ පිළිබඳව පැහැදිලි කිරිමට යමක් තිබේ. විගේෂාංග කතෘ යහම්පත් මහතා සමඟ මා මේ සාකච්ඡාව සිදුකළේ මිට මාසයකට දෙකකට පමණ පෙරය. ඒ වනවිට ජනාධිපති අපේක්‍ෂකයන්  තෝරාගෙන තිබුණේ ද නැත. බොහෝ පක්‍ෂ තමන්ගේ අපේක්‍ෂකයා පිළිබඳ ප්‍රතිවිරුද්ධවාදී අදහස් පතුරවමින් සිටියහ.


විවේචන සහ මඩගැසීම බහුලව තිබිණි. නෛතික ප්‍රශ්න, ව්‍යවස්ථා ප්‍රශ්න, මම කල්ලිවාදී ප්‍රරන ද ව්‍යාකුලව තිබිණි.  ඒ හේතුකොට ගෙන පක්ෂ තුළ සහ පොදුජන සමාජය තුළ රහසිගත කුමන්ත්‍රණ සිදුවූයේය. මම කුමන්ත්‍රණ දේශපාලනය හෙළාදකිමි. 2015 වසරේ සිටම අපේ රටේ දේශපාලන තීන්දු  සඳහා රහසිගත කුමන්ත්‍රණ බලපෑවේය.  කුමන්ත්‍රණය වනාහී පාතාල ක්‍රියාවලියකි.

ලංකාවේ බහුතර ඡන්දදායකයා අදවන විට මැතිවරණය  විනෝද ක්‍රීඩාවක් බවට පත්කරගෙන තිබේ. මාධ්‍යය මේ විනෝදය අලෙවි කරයි. එදා අංකෙළියට උඩු පිල, යටි පිල බෙදී විනෝද වූවාසේ අද පක්‍ෂ, පාට, පිල් බෙදී මැතිවරණය පහත් පෙළේ ක්‍රීඩාවක් බවට පත්කරගෙන තිබේ. එහෙයින් මා එදා කිව්වේ මේ කුමන්ත්‍රණකාරි පාතාල පක්‍ෂ දේශපාලනය ක්‍රීඩාවට මා අකමැති බවය.

මගේ දේශපාලන යොමුව පාර්ලිමේන්තු වරප්‍රසාද වෙත එල්ලවී තිබුණේ නැත. මා කළේ මතවාදී දේශපාලනයක් පමණි. එහෙත් 2015 සිට ආරම්භ වූ කුමන්ත්‍රණකාරී, පාතාල දේශපාලනයකට මගේ මතවාද ප්‍රකාශවලින් පලක් නැත. මෙම ප්‍රකාශය මා සාකච්ඡාව පැවැත්වූ අදාළ කාලයේම පළවූයේ නම් පාඨකයාට එය වඩාත් නිවැරැදිව තේරුම්ගැනීමට හැකියාව උදාවන්නේය.

ජැක්සන් පෙර දැක්වූ අදහස මෙතැනින්
මං සීන් එකින් එහෙමපිටින්ම කැපුණා දැන් යන්නෙ කුමන්ත්‍රණකාරී වහල් දේශපාලනයක් - ජැක්සන් ඇන්තනි