https://www.gossiplankanews.com/2019/10/jackson-anthony-silence.html
සුගිය මහින්ද රාජපක්ෂ ජනපති සමයේ දේශපාලනයට සම්බන්ධිත කලාකරුවන් අතර කැපී පෙනෙන භූමිකාවක නිරතවූ කලා ශිල්පී ජැක්සන් ඇන්තනි මේ දිනවල කිසිදු සද්දයක් නැත. ජනපතිවරණ උණුසුම පැවතියත් කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට එක් නොවූ ඔහුගේ මේ නිහඬ පිළිවෙතට හේතුව
කලකිරීමක් බවට ආරංචි පැතිර තිබේ. මේ ගැන අද දිනයේ පුවත්පතකට ඔහු හේතු පැහැදිලි කරමින් අදහස් දක්වා ඇත.
ඒ මෙසේය.

'මමත් කාලයක් හිතාගෙන හිටියෙ දේශපාලන පිම්ම හොඳයි කියලයි. මොකද මේ රටේ පරිපාලන නියාමනයේ නම් ප්‍රශ්නය තියෙන්නේ ඒ නියාමකයින්ට දේශපාලන

මතිමතාන්තර වලට කිසියම් පොහොරක් සපයන්න මම කාලයක් යොමු වෙලා හිටියා.
මගේ තුන් හිතකවත් දේශපාලනයට කැමැත්තක් තිබුණෙත් නෑ. හැබැයි ඒ අයට යම් යම් උපදෙස් දෙන්න මං කාලයක් යොමු වෙලා හිටියා.
නමුත් අද වෙනකොට මම තීරණය කරලා තියනවා දැන් තියන දේශපාලනයට මතවාදී පිවිසුමකින් වැඩක් නෑ කියලා. මේක තනිකරම කුමන්ත්‍රණකාරී උපක්‍රමශීලී පාතාලය වගේ කොාහන් මතුවෙලා කොහෙන් ගිනිකන්ද පුපුරයිද දන්නෑ වගේ අපි කිසිම කෙනෙක් කිසිවක් දන්නෙ නැති තත්වයට පත්වෙලා තිබෙන්නෙ.
ඡන්ද අපේක්ෂකයාවත් දන්නෙ නෑ තමන් කවුද කියලා. හැමෝම භ්‍රාන්තියකින් ඉන්නෙ. ඒ බිය ගැලපෙන්නෙ පාතාල ලෝකයට.ඒ නිසා මම හදුන්වන්නෙ වර්තමාන දේශපාලනය කුමන්ත්‍රණකාරී පාතාල දේශපාලනයක් කියලයි.
පාතාල දේශපාලනයට මතවාදී අදහස්වලින් වැඩක් නෑ. මගේ දේශපාලන පිවිසීම මතවාදීයි.එයට යම් යම් එකතු කිරීම් කළා. මා කියපු කරපු දේවල් තවමත් මම පිළිගන්නවා.ඒවා හරියට විමසුවා නම් හරි කියලා මං අදටත් විශ්වාස කරනවා.
අද ලංකාවේ දේශපාලනය වහල් පාක්ෂික දේශපාලනයත්. කුලවාදයට වඩා පක්ෂ වාදය දරුණුයි. එහෙම පාක්ෂික වහල් කුමන්ත්‍රණකාරී දේශපාලනයක් මට වැඩක් නැහැ.
ඒ නිසා දේශපාලනය දිහා මං දැන් හැරිලවත් බලන්නෙ නෑ.'