2015 මහ මැතිවරණයෙන් පැරදුණු හිස්බුල්ලා වත්මන් ජනාධිපතිතුමන්ගේ කකුල් දෙක ළඟ වැටී ආයාවනය කර මන්ත්‍රී ධුරයක් ලබාගැනීමෙන් අනතුරුව තම පාක්ෂිකයන්ගේ ගෙවල්වලට සහ වෙළෙද සැල්වලට ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තමන් ගිය අවස්ථාවකට සහරාන්ද” රිංගාගෙන තිබෙන බව ජල සම්පත් නාගරීක සංවර්ධන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.


ඒ මහතා මේ බව පැවසුයේ නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ
ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් (19දා) සවස අකුරණ නගරයේ පැවැති ජන රැළියක් අමතමිනි. සහරාන් හා තමා පිළිබඳව මාධ්‍ය මගින් ඉදිරිපත් වූ වීඩියෝව පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ‘අප්‍රේල් 27 වැනිදා සිදු වූ සිදුවීමෙන් පසුව මුස්ලිම් ජනතාව විශාල කම්පනයකින් ඉන්නේ. අපේ ප්‍රජාව තුළ හැංගී ඉදගෙන ඒ මිලේච්ජ, නින්දිත ක්‍රියාව කරපු ඒ වගේ ත්‍රස්තවාදීන් නැවත වාරයක් හිස එසවීමට ඉඩ නොදීමට අපේ සමාජය අධිෂ්ඨානයෙන් ඉන්නවා,

මම මුස්ලිම් ජනතාව වෙනුවන් කියනවා මේ රටේ බුද්ධි අංශය හමුදාව පමණක් නෙවෙයි අපේ මුස්ලිම් ප්‍රජාවම අවදියෙන් සිටිනවා අපි අතරින් නැවත වාරයක් කවුරු හරී යම් අන්තවාදී අදහසක් තියෙන එහෙම අදහසක් පළකරන්න ආවනමි ඌව අල්ලලා එක හෙළාම නැත්තටම නැති කරලා දාන්න. ඒ ක්‍රියාව අපීම කරනවයි කියන එක මම ප්‍රකාශ කරනවා, ඊයේ විද්‍යුත් මාධ්‍යයෙන් සමහර අය දකින්න ඇති. 2015 ගත්ත වීඩියෝ පටයක් කියන අර සහරාන් මම යන තැනට ඇවිල්ල රිංගන එක දැකලා ඔන්න මාත් සහරාන් එක්ක ඇසුරු කළයි කියලා කතාවක් කියන්න හදනවා, මම ඉතාම පැහැදිලිවම කියන්න ඕන මේකේ වටපිටාව,

කාත්තන්කුඩි ප්‍රදේශයේ දේශපාලනයේ යෙදෙන මේ රටෙි මුස්ලිම් ජනතාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂයක් හැටියට අපි අෂරෆ් ඇමතිතුමාගේ කාලයේ ඉඳලා නැගෙනහිර පළාතේ දැවැන්ත පක්ෂයක් හැටියට ගිය මහ මැතිවරණයේදී අපට ආසනයක් ලබා ගන්න පුළුවන් වුණා. එක්සත් ජාතික පක්ෂයටත් ආසනයක් ලැබුණ. දෙමළ සන්ධානයට ආසන තුනක් ලැබුණා. මඩකලපුව දිස්ත්‍රික්කයට ආසන පහයි. එයට පෙර තිබුණු ජනාධිපති මැතිවරණයේදී රාජපක්ෂ මහතාට හිස්බුල්ලා මහතා සහය දුන්නා,

 ජනාධිපතිවරයා මැතිවරණය පැරදුනහම පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ මහතා පැරදුණා. පැරදිලා පස්ස දොරින් ගිහිල්ලා අපේ වර්තමාන ජනාධිපතිතුමාගේ කකුල් දෙක ළඟ ආයාචනා කරලා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබාගත්තා. ජාතික ලැයිස්තුවෙන් ආසනය ගත්ත එකාට පුදුම උජාරුවක් ඇවිල්ලා මිනිහා අපේ පාක්ෂිකයන්ට ගෙවල්වලටත්, කඩවලටත් ගිනි තියන්න පටන් ගත්තා. අඩත්තේට්ටේටම් කරන්න පටන්ගෙත්තා. ඉන් පස්සේ අපේ ආධාරකරුවන්ගේ තත්වය බලල අස්වැසිල්ලක් ලබාදෙන්න කාත්තන්කුඩියට යන්න මට සිද්ධ වුණා. ඒ අස්සේ මේ සහරානුත් රිංගගෙන. ඒකට මම මොනව කරනද, දේශපාලන නායකයෙක් ඒවගේ ප්‍රශ්නයකට තැනකට ගියහම කවුරු එනවද, මොනව කරනවද කියල අපි දන්නවාය. අපි දන්නවාදඌ ත්‍රස්තවාදියෙන් වෙයි. කියලා”යැයි පැවසීය.

මහනුවර -මොහොමඩ් ආසික්