https://www.gossiplankanews.com/2019/08/1000-kite-rohana.html
නුරාධපුර, යහලේගම, වේළුවනාරාම විහාරස්ථානයට ආධාර මුදලක් එකතු කර දීමේ අරමුණින් වර්ග අඩි 800කට ආසන්න විශාල සරුංගලයක් නිර්මාණය කර, ඒය අඩි 1200ක් පමණ ගුවනට ගිය පසු, එහි කඹය ආධාරයෙන් සරුංගලය මතට නැගීමට කළ පෙරහුරුවක් ඊයේ | (15දා) උඩුගුවනේ පැවැති අධික සුළං තත්ත්වය නිසා සරුංගලයේ සැකිල්ල ආපදාවට ලක්වීමෙන් නැවත වැව් පිටියට ගොඩබෑමට සිදුවිය.

අනුරාධපුර යහලේගම වැව් පිටියේ දැවැන්ත සරුංගලය පෙරේදා (14දා) නිර්මාණය කරනු ලැබුවේ තලවකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට ස්ථිර පදිංචි ලිපිනයක් නොමැති 46 හැවිරිදි දෙදරු පියෙකු වන කේ.ඩබිලිවි.ඊ.එස්.ඩී. රෝහණ කුමාර මහතා විසිනි.

මෙය දැකබලා ගැනීම සඳහා ඊයේ (15 දා) මහා

සංඝරත්නය ප්‍රමුඛ උණගස්වැව පලාඩිකුලම,වේළුවනාරාම, කීරීක්කුලම හා අනුරාධපුර නගරයේ පදිංචි දහසකට ආසන්න පිරිසක් යහලේගම වැව් පිටියට රැස්ව සිටිනු දක්නට ලැබුණි.

කේ.ඩබිලිව්.ඊ.එස්.ඩී.රෝහණ කුමාර මහතා හිස් පොහොර උර 125 කට ආසන්න ප්‍රමාණයක්, වියළි උණබට, උණ පතුරු, ලණු හා නූල් උපයෝගී කරගනිමින් වර්ග අඩි 796.25 වන උස අඩි 30ක් හා පළල අඩි 49ක් වූ දැවැන්ත සරුංගලය නිර්මාණය කිරීම පෙරේදා (14) වනවිට අවසන් කර තිබුණි.

ඔහු මීට පෙර අවස්ථා 13කදී දැවැත්ත සරැංගල් ගුවනට යවා ලණුව දිගේ ගුවන්ට ගොස් පෙරහුරු කර තිබෙන අතර මෙවර අඩි 1000කට වැඩි උඩකට යැමට ගත් වික්‍රමය අනුරාධපුර යහලේගම වැව් ඉස්මත් දී අයහපත් සුළං හේතුවෙන් සරුංගලයට හානි සිදුවීම නිසා තාවකාලිකව නවතා දැමීමට සිදුවිය.

මේ පිළිබඳව අදහස් දැක් වූ රෝහණ කුමාර මහතා යා මෙසේ පැවසීය.

මේ සරුදගලය හදන්න හිස් පොහොර උර 125ක් විතර වැයවුණා. පොහොර උර දෙකට පළලා සරුංගලයේ ආධාරක වළට තියලා මහනවා. නයිලෝන් කඹයක් උපයෝගී කරගෙන තමයි සරුංගලය ඉහළ අහසට යවන්නේ. මගේ අරමුණ අඩි 1000-1200ත් අතර උඩකට සරුංගලය ගුවන්ගත කරන්න, පොඩි ගැටලුවකට තියෙන්නේ වැව ආසන්නයේ අධිබලැති විදුලි කමිබි තියනවා. ඒවයින් ගැටෙන් නැතිවෙන්න සරාගලය ගුවනට යවන්න ඕන.

මම සරුංගලය ගුවනට යවා සරුංගලය අඩි 1200ක් පමණ ගිය විට ඉන් අනතුරුව සරුංගලයේ ලණුව දිගේ ගුවනට යනවා. කවුරු හරි අභියෝගයක් කළොත් ඉදිරියේදී සරුපගලය අඩි 5000ක් උඩට හරි යවලා මමත් ලණුව දිග් ඒ උඩට ගිහිල්ලා පෙන්වනවා.

ඊයේ (15දා දිනයේ දැවැන්ත සරුංගලය අඩි  100ක් පමණ ගුවනට යන අවස්ථාවේ ආපදාවට ලක්විය.
අනුරාධපුර බී.පී. චතුරංග

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
පුතු පැවිදි වී සිටින පන්සලට ආධාර රැස් කරන්න පියා සරුංගලයකට නැගී අද ගුවනට